hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 28, ප.ව. 1:42



2023 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අවසන් දිනය ඔක්තෝම්බර් මස මුල් සතිය වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන බව වාර්තා වනවා.

විභාගය පිළිබඳ අවසන් තීරණය ඔක්තෝබර් 02 වනදා ප්‍රකාශයට පත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසුවේ.

2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස උසස් පෙළ විභාග කල් දමන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පසුගිය සතියේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

විභාග පැවැත්වීමේ සංශෝධිත දිනයන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යවරයා එම අවස්ථාවේදී පැවසීය.

2023 අ.පො.ස උසස් පෙළ විභාග නොවැම්බර් 27 සිට දෙසැම්බර් 2 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, සිසුන්ට විභාගයට සූදානම් වීමට කාලය ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම් මත විභාග කල් දැමුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: