hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 03, පෙ.ව. 2:18



උසස් පෙළ විභාගය පවත්වා අවසන් වූ වහාම උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පැවැත්වීමට සැලසුම් කර ඇති වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන බවත් දීපව්‍යාප්ත මට්ටමින් පුහුණු මධ්‍යස්ථානවල දී එම පාඨමාලා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.

ඉදිරියේ දී පවත්වනු ලබන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ද විභාගයට පෙනී සිටීමෙන් පසු මෙම වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන බව පැවසූ අමාත්‍යවරයා උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගවලට පෙනී සිටින සිසුන්ගෙන් 50%කට වැඩි පිරිසක් මෙම වෘත්තීය පුහුණු පාඨමාලාවට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද කියා සිටියා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගින්තොට සහිරා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට එක් වෙමින්.

මෙයට අදාළ කැබිනට් පත්‍රීකාව සදහා කැබිනට් අනුමැතිය ද ලබා ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

මෙවර පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයෙන් පසු පාසල් පොකුරු සංකල්පය ද භාවිත කරමින් ආරම්භ කරන මෙම වෘත්තීය පුහුණු පාඨමාලාව පැවැත්වීම වැනි මානව සම්පත් කළමනාකරණ පුහුණු වැඩසටහන් ක්‍රියාවට නැංවීම මගින් මෙරට තරුණ පරපුරේ රැකියා විරහිතභාවය අවම කර නවෝත්පාදන බලගන්වා තාක්ෂණික වෘත්තීය ක්ෂේත්‍රයේ වර්ධනයක් අපේක්ෂා කරන බවත් එය රට මුහුණ දී සිටින වත්මන් ආර්ථික සමාජ අභියෝගයන් ජයගැනීමට පිටුබලයක් වනු ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසුවා.

එසේ ම එය අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමයේ එක් සංධිස්ථානයක් වනු ඇති බව ද හෙතෙම සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: