hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 09, පෙ.ව. 8:39



2023 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි මස මුල සිට පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

නිශ්චිතවම දිනයක් ප්‍රකාශ කිරීම විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 සිට ජනවාරි 31 දක්වා කල්යෑම සැලකිල්ලට ගෙන සාමාන්‍ය පෙළ විභාගය මැයි මස දක්වා කල් දැමෙන බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත් 2025 වසරේ සිට සුපුරුදු පරිදි විභාග නියමිත දිනවල පැවැත්වීමට කටයුතු කරන බව ද ඔහු පැවැසූවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: