hit counter

2025 ජනවාරි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 27, ප.ව. 5:28



ලබන ජනවාරි මස 04 වනදා පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය තවදුරටත් කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබාදී තිබෙනවා.

අදාළ පෙත්සම අද (27) මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුකරයට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ සීමිත විරෝධතා නොවැම්බර් මස 07 වනදාට පෙර ගොනුකරන ලෙසත් අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට නියෝග කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: