hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 8:01



රසායනාගාර පරික්ෂණවලදි දෙවතාවකදි අසමත්ව තිබු විනාශකාරි බැක්ටීරියා සහිත චීන කාබනික පොහොර නෞකාව  සඳහා අත්තිකාරම් ගෙවීමේ දී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීම හේතුවෙන් රජයට සිදු වී ඇති රුපියල් මිලියන 1382ක පාඩුව මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා අයකර ගත යුතු බවට ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශ කොට තිබෙනවා.

එමෙන්ම අදාළ පොහොර සැපයුම්කාර සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන වන්දියක් ලබා ගැනීමටත් මෙරට නීතිරී ති ප්‍රකාරව ගිවිසුම්වලට අනුකුලව ක්‍රියා නොකළ උක්ත සැපයුම්කාර සමාගම ශ්‍රිලංකාව තුල අසාදු ලේඛනගත කිරීමටත් නිර්දේශ කර තිබෙනවා.

මෙම පොහොර  ගනුදෙනුව නිසා ගණනයකර නොමැතිව ඇති පාඩුව අතිවිශාල බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

2021/2020 මහ කන්නයේ දි වගාවට යෙදිම සදහා සැලසුම්කළ කාබනික පොහොර  මෙට්‍රික්ටොන් 96,000ක් නොයෙදීම නිසා අහිමි වූ අස්වැන්න නිසා ආර්ථිකයට වු පාඩුව, විනාශකාරි  බැක්ටීරියා සහිත පොහොර තොගයක් රට තුලට ඇතුල්කිරිමට උත්සාහ කිරීම වෙනුවෙන්  අපේක්ෂිත වන්දිය ගණනයකර නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා. 

කාබනික පොහොර සැපයීම වෙනුවෙන් ඇතිකර ගත් ගිවිසුම මත රජයට අනාගතයේ දි යම් වන්දියක් ගාස්තුවක් වියදමක් ගෙවිමට සිදුවුවහොත් එම පාඩුව පිළිබද  විගණනය මගින් අනාවරණය කොට නොමැත.

පොහොර නෞකාව සදහා මුදල් ගෙවීමේ දී අදාල සුරක්ෂණයන් කල්ඉකුත්විමට පෙර මුදල් කර ගැනීම හෝ  සුරක්ෂණයන්ගේ කාලය දිර්ඝ කර ගැනිමට කටයුතු කර නොමැති බව විගණනය මගින්  අනාවරණය කොට තිබෙනවා.

මෙම පොහොර සැපයුම්කාර සමාගම සමග ඇති කරගෙන තිබු සමථ කොන්දෙසි ප්‍රකාරව ණයවර ලිපියේ හා කාර්ය සාධන බැදුම්කරයේ කාලය දිර්ඝ කර එය වලංගුව තබා ගත යුතුව තිබුණා.

එහෙත් 2022 වර්ෂයේ මාර්තු මස 12 වැනි දින ණයවර ලිපිය හා මාර්තු 24 වැනිදින කාර්ය සාධන බැදුම්කරය කල්ඉකුත් වී තිබුණා.

එම නිසා ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හා කෘෂිකර්ම අමාත්‍යංශයේ වගකිවයුත්තන් සිය වගකිම් පැහැරහැර ඇති බව විගණන වාර්තාවේ සදහන් වෙනවා.

එමෙන්ම පොහොරවල ප්‍රමිතිය තීරණය කිරිම ඇතුළු තාක්ෂණික ඇගයිම් කමිටුවේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස සිදු වී නොමැති  බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

එමෙන්ම අදාළ පොහොර සැපයුම්කරු පොහොර අයදුම්පත්‍රයට දින මුද්‍රා තබා නොතිබුණා.

අයදුම්පත් විවෘත කිරීම හා ලේඛනගත කිරිම ප්‍රසම්පාදන විධිවිධාන ප්‍රකාරව විනිවිදභාවයකින් යුක්තව සිදුවි නොමැතිව බවද විගණනය මගින්  අනාවරණය කොට තිබෙනවා.

එමෙන්ම ජිවානුහරණය නොකරන ලද පොහොර වර්ග ගෙන්විම සදහා පවතින බාධාවන් නොතකා හරිමින් පවතින පොහොරවල ප්‍රමිතියට නිතිරිති ගලපවා ගැනීම සදහා සැපයුම්කරු හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය ක්‍රියාකර ඇති බව විගණන වාර්තාවේ සදහන් වෙනවා.

එහි ප්‍රථිපලයක් ලෙස 2021 සැප්තැම්බර් මස 17 දින ණයවර ලිපි විවෘත කරගෙන තිබුණා.

 අදාළ පොහොර සැපයුම්කාර සමාගම විසින් චිනයේ කින්ඩාඕ වරාවේ සිට කොළඹ වරයාට  පොහොර මෙට්‍රික්ටොන් 20550ක් එවා තිබුණා.

එහෙත් අදාළ සැපයුම්කාර සමාගමට ශාක නිරෝධායන පනතට අනුව ජීවානුහරණය නොකල කාබනික පොහොර තොගයක් ලංකාවට ගොඩබෑමට නොහැකිවීම හේතුවෙන් මතබේදාත්මක තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

ඇතිවු මතබේදාත්මක තත්වය සැලකිල්ලට ගෙන නෞකාවේ අන්තර්ගත පොහොර තොගයේ පිරිවැයෙන් 75%ක් සදහා නොසැපයු පොහොර තොගයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන  6.9කට සමාන රුපියල් මිලියන 1382 අත්තිකාරම් මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දි තිබුණා.

සමථ කොන්දේසි අනුව අපේක්ෂිත සංයුතියෙන් හා ප්‍රමිතියෙන් යුතු පොහොර නැවත සැපයිය යුතු බවට කොන්දේසියක් අදාල සමාගමට පනවා තිබුණා.

එහෙත් මේ දක්වා ප්‍රමිතියෙන් යුත් පොහොර තොගයක් ලබාගෙන නොතිබුණා.

අදාළ සමාගම විසින්  ප්‍රමිතිගත පොහොර ලබානොදීම තුල ඒ සදහා ගෙවු මුදල අයකර ගැනීමට හැකියාවක් නොමැති බව විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

මේ නිසා පොහොර සදහා ගෙවු මුළු මුදලම රජයට සිදු වු පාඩුවක් බවට පත්ව ඇති බවද විගණන කාර්යාලය පවසනවා.

කෙසේවුවද අදාළ සැපයුම්කාර සමාගමෙන් ගත් පොහොර සාම්පල් දෙවතාවක් පරික්ෂා කොට තිබුණා.

එම අවස්ථා දෙකේදිම පොහොර ජීවානුහරණයකර නොමැති බවත් අර්විනියා සහ බැසිලස් යන අහිතකර බැක්ටිරියා ඇතුලත බව ජාතික ශාක නිරෝධායන සේවය නිර්දේශය කොට තිබුණා.

ඒ විතරක් නොව පොහොර ගෙන්විම සදහා සැපයුම්කරු හා රජයේ පොහොර සමාගම් අතර ණයවර ලිපි නිකුත් කිරිම අත්හිටුවා තිබුණා.

එහෙත් මෙම ප්‍රශ්නගත පොහොර තොගය සම්බන්දයෙන් තීරණයක් ගැනීම සදහා පත් කරනු ලැබු විශේෂ කමිටුව විසින් සිදු කළ ශාක සත්ව හා මානව සෞඛ්‍යට අහිතකර බැක්ටිරියා අඩංගු නොවන එහෙත් හිතකර බැක්ටිරියා අඩංගු විය හැකි පොහොර  ජිවානුහරණය කළ පොහොර යන නිර්වනය පදනම්කොට ගෙන මෙම පොහොර ගෙන් වීමට නිර්දේශ ලබාදී තිබුණා.

මෙම නිර්දේශය මෙම  මතබේදාත්මක ගණුදෙනුවට එක් ප්‍රධාන හේතුවක් වි ඇති බව විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

2021/2022 මහකන්නය සදහා කාබනික පොහොර මෙට්‍රික්ටොන් 96000ක් මෙට්‍රික්ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 446 ක මිලකට චිනයේ සිමාසහිත කින්ඩාඕ සිවින් බයෝටෙක් සමුහ සමාගමෙන් ආනයනය කිරිමට සැලසුම් ක්‍රියාත්මක කොට තිබුණා.

පොහොර ආනයනය කිරිමට සැලසුම්කොට තිබුණා.

ලලිත් චාමින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: