hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 17, පෙ.ව. 12:04



රශිප්‍රභා සංදීපනී කියන්නේ මෑත කාලයේදී බහුතරයක් දෙනාට ආදර්ශයක් වෙමින් කලා ක්ෂේත්‍රය තුළ තමන්ගෙම කියලා අනන්‍යතාවයක් හදාගත්තු ආදරණීය රංගන ශිල්පිනියක්.ඇය සුරූපී රංගන ශිල්පිනියක්.ඒ වගේම දක්ෂතා අඩුවක් නැතුව පිහිටලා තියෙන කලාකාරිනියක්.

ඒ සියලුම දේවල් එක්ක තමයි මෑත කාලයේදී බොහෝ දෙනෙක්ට නොලැබෙන ආකාරයේ වාසනාවන්ත අවස්ථාවක් ඇයට උදාවුණේ.රාශ කපාට අවස්ථාව උදාවුනා ඉන්දියාවට ගිහින් ඉන්දියාවේ සිනමා කර්මාන්තයත් එක්ක සම්බන්ධ වෙන්න

ඇය නර්තනයට උපන් හපන්කන් කියන තරුණියක්. ඒ වගේම භාෂා කීපයක්ම හැසිරවීමේ මනා හැකියාවක් ඇයට තියෙනවා. ඉතින් ඒ සියලු දේවල් එක්ක තමයි ඇයට මෙය අවස්ථාව හිමිවෙලා තියෙන්නේ.මුලින්ම ඉන්දියාවට යන්න ඇයට චාන්ස් එක හම්බවෙන්න ඇයගේ ෆොටෝ ෂූට් එකක් දැකලා.

ඊට පස්සේ ගියපු ඒ ගමන් මගේදි අද වෙද්දි අය ඉන්දියාවත් එක්ක එකතුවෙලා විවිධ වැඩ කටයුතු සිද්ධ කරනවා.මෙච්චර දක්ෂ කලාකරුවන් ලංකාවේ ඉද්දි ලංකාවේ බහුතරයක් දෙනා ඔබෙන් ප්‍රයෝජන ගන්නේ නෑ නේද කියලා අහපු අවස්ථාවකදී ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“ඔව් ඇත්තටම මම හැම වෙලේම හිතනවා වෙන රටකට ගිහින් වැඩක් කරනවාට වඩා මගේ රට ඇතුළේ මගෙන් ප්‍රයෝජනයක් ගත්තා නම් කොච්චර හොඳයිද කියලා. මම දැන් කලාවට ඇවිත් වසර එකොළහක් පමණ වෙනවා. නමුත් ඒ අවුරුදු එකොළහට මගෙන් හරිහමන් ප්‍රයෝජනයක් මගේ රටට වුණාද කියන එක  මම හිතනවා. මීට වඩා යම් දෙයක්  මගේ රටේ කර්මාන්තයට කරන්න පුළුවන් වුණා නම් මම සතුටුයි. මම දන්නේ නැහැ ඒකට හේතුව මොකක්ද කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: