hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 02, ප.ව. 4:04



හොරණ වගවත්ත ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි සිටි වැඩිහිටි සහ කුඩා දරුවන් ඇතුළු පුද්ගලයන් 85 කට ආසන්න කණ්ඩායමක් මාවක් ඔය පිටාර ගැලීම හේතුවෙන් එම හෝටලය තුළ කොටුව සිටියදී පොලිස් නිලධාරීන් සහ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමකින් මුදාගෙන තිබෙනවා.

ඒ පිළිබඳ හොරණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල වෙත තොරතුරු දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව අදාල කණ්ඩායම බෝට්ටු යොදා ගනිමින් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කළ බව වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: