hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 11, පෙ.ව. 11:33



අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා 2012 වසරේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

2012 වසරේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සාරුව ලියනගේ නමැත්තාට කොළඹ මහාධිකරණය වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබුණා.

විත්තිකරුට එරෙහිව සාක්ෂි ඇගයීමට ලක් කිරීමට කොළඹ මහාධිකරණය අපොහොසත් වීම හේතුවෙන් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය පනවා තිබූ වරද සහ දඬුවම ඉවත් කිරීමට අභියාචනාධිකරණ අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාරරත්නම් සහ සම්පත් අබේකෝන් යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළා.

විත්තිකරු සිය අභියාචනයේ දී කියා සිටියේ මහාධිකරණ නඩු විභාගය අතරතුර වින්දිත පෙත්සම්කරු ඇයව දූෂණය කළ බව තරයේ ප්‍රතික්ෂේප කර ඇති බැවින් මහාධිකරණයේ වරද ස්ථිර කළ නොහැකි බවයි.

2020 ජනවාරි 17 වැනි දින මහාධිකරණය විසින් පනවන ලද දැඩි සිරදඬුවම සහ තමාට ලබා දී ඇති දඬුවම සමාලෝචනය කර ඉවත් කිරීමට අභියාචනාධිකරණයේ අධිකරණ බලය ඉල්ලා හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා මෙම අභියාචනය ගොනු කර තිබුණා.

බාලවයස්කාර දැරියක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නඩුවෙන් නිදහස්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: