hit counter

2024 මැයි මස 22 වන බදාදා

2024 පෙබරවාරි 20, පෙ.ව. 12:04



වැඩ වර්ජන කිරීම නතර නොකළහොත් නැවතත් රට පෝලිම් යුගයකට යෑමේ අවධානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරු දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි.

ඒ මහතා එහිදී මෙසේද කියා සිටියා.

‘ගොවි ජනතාවත්, පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාවත් තම දහඩිය මහන්සියෙන් උපයන මුදල්වලින් තමයි රාජ්‍ය අංශයේ සියලු දෙනාගේ වැටුප් ගෙවන්නේ. ඒ නිසා රාජ්‍ය යන්ත්‍රණයේ නියුතු අයගේ යුතුකමක් තිබෙනවා ගොවි පරපුර සහ පෞද්ගලික අංශයේ ජනතාව වෙනුවෙන් ක්‍රියා කරන්න. බංකොලොත් වූ රටක සිදු වන වැඩවර්ජන ලෝකය පුරා මාධ්‍ය මඟින් ප්‍රදර්ශනය වුණාම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අඩු වෙනවා. දැන් මේ ප්‍රදේශයෙත් සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් ව්‍යාප්ත වී තියෙනවා. හෝටල් අද විදේශිකයන්ගෙන් පිරිලා. විදේශිකයන් පැමිණීම අඩු වුණොත් බංකොලොත් වෙලා තිබුණු රටේ ආයෙමත් තෙල්, ගෑස්, භූමිතෙල් පෝලිම් හැදෙන සමාජයක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා දිගින් දිගටම අපි කියන්නෙ මේ වැරැදි වැඩේ කරන්න එපා කියලා. මේ බංකොලොත් වූ රට බොහොම අමාරුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ගොඩ ගනිමින් තිබෙනවා.’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: