hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2024 ජූනි 19, පෙ.ව. 12:02



ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලබා දෙන ඉඩම් තුළ අධි ආරක්ෂිතව කංසා වගා කිරීමට හැකි ආයෝජකයින්ගෙන් ලබන මස 10 වනදා තෙක් යෝජනා කැඳවීමට රජය තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම ආරංචි මාර්ග පවසන පරිදි රජය අපේක්ෂා කරනුයේ අමෙරිකාව, යුරෝපයේ, ආසියාවේ කංසා වගාකරුවන්ගේ මහා පරිමාණ සමාගම් මේ සඳහා සිය යෝජනා ලබා දෙනු ඇති බවයි.

මේ ව්‍යාපෘති යෝජනාවන් සඳහා එක් යෝජනාවකට අමෙරිකානු ඩොලර් මිලියන දෙකක සුරැකුම්පතක් තැබිය යුතු වන අතර, අවම වශයෙන් ඩොලර් ලක්ෂ පහක ආයෝජනයක් සිදුකළ යුතු බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: