hit counter

2026 ජනවාරි මස 12 වන සඳුදා

2024 අගෝස්‍තු 07, පෙ.ව. 12:02



රාජ්‍ය සේවයේ පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රජය විසින් වරින්වර සිදුකරන ලද වැටුප් සංශෝධන මෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ඇතැම් විශ්‍රාමික කණ්ඩායම් හට විශ්‍රාම වැටුප් විෂමතා නිර්මාණය වී ඇති බව සඳහන්.

ඒ අනුව 2016-01-01 සිට 2020-01-01 දින දක්වා විශ්‍රාම ගන්නා ලද රාජ්‍ය නිලධාරීන්ට යම් අසාධාරණයක් වී ඇති බව නිරීක්ෂණය වී තිබෙන බැවින් එකී වැටුප් විෂමතාව ඉවත් කිරීම තුළින් විශ්‍රාමික නිලධාරීන් 83,000ක පමණ පිරිසකට සහනයක් ලබාදීමට හැකි බවයි වාර්තා වන්නේ.

මෙහිදී එම විශ්‍රාමික නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප 2016-02-25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/20216 උපලේඛන අංක 1 අනුව සම්පූර්ණ වැටුප පදනම් කරගනිමින් උපරිම රුපියල් 2500 ක වැඩිවීමක් ලැබෙන පරිදි සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: