2023 ජූලි 27, ප.ව. 3:10
අගෝස්තු පළමුවනදා සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරින් ඇතුළු සෙසු විධායක ශ්‍රේණියේ නිලධාරින්ට සිය දෛනික පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතා කිරීම අනිවාර්ය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිපාලන අංශයේ අතිරේක ලේකම් ගීතාමනී සී. කරුණාරත්න මහත්මියගේ අත්සනින් යුතුව මෙම ලිපිය සියලු අතිරේක ලේකම්වරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සියලු ප්‍රධාන මූල්‍ය නිලධාරින් වෙත නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙතෙක් කල් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින් රාජකාරි සදහා වාර්තා කිරීමේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රමයක් නොතිබුණු අතර මෙවැනි තීරණයක් වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාවට පටහැනි බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ.
එමෙන්ම වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරින් ඇතුළු සෙසු විධායක ශ්‍රේණියේ නිලධාරින්ට ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතා කිරීම ප්‍රායෝගික නොවන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කියා සිටියේ.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26