2026 ජූලි 14, ප.ව. 12:38
මීට වසර 15කට පෙර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් කොළඹ නගරයේ ජනතාවගේ සෞඛ්‍ය සහ සුවතාවය සඳහා ඉදි කරන ලද සුප්‍රකට නිදහස් චතුරශ්‍ර ඇවිදින මංතීරුව මේ වන විට අතිශය අබලන් තත්ත්වයට පත්ව ඇති බව සඳහන්.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිය නිල X සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් පෙන්වා දී තිබුණේ මෙම ස්ථානය දෛනිකව පරිහරණය කරන වයස්ගත පුද්ගලයන් ඇතුළු දහස් සංඛ්‍යාත සිවිල් ජනතාව මේ නිසා දැඩි අනතුරුදායක තත්ත්වයකට මුහුණ දී සිටින බවයි.
ඔහු පවසා ඇත්තේ මංතීරුවේ ඇති ගල් කැට මතු වී රළු මතුපිටක් නිර්මාණය වීම හේතුවෙන් ඇවිදින ජනතාව නිතර බිම ඇද වැටී තුවාල ලබන බවයි.
එසේම එහි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ගෙනවිත් දමා ඇති පස් ගොඩවල් ද මාස කිහිපයක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයක් නොගෙන එලෙසම දමා තිබීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත.
ඒ අනුව මෙම ගැටලුව සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්ගේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) කඩිනම් අවධානය යොමු කරන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉල්ලා සිටියා.
එයට ප්‍රතිචාර දක්වමින් නගරාධිපතිනිය සඳහන් කර ඇත්තේ මේ පිළිබඳව අදාළ විෂයභාර අමාත්‍යාංශය සහ අමාත්‍යවරයා වහාම දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.
එමෙන්ම එහිදී හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් යෝජනා කර ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින මෙම මංතීරුවේ නඩත්තු කටයුතු විධිමත්ව සිදු කිරීම සඳහා එය කොළඹ මහා නගර සභාව වෙත වහාම පවරා දිය යුතු බවයි.

2026 ජූලි 14, පෙ.ව. 10:15
2026 ජූලි 14, පෙ.ව. 12:20
2026 ජූලි 14, පෙ.ව. 12:19
2026 ජූලි 14, පෙ.ව. 12:17
2026 ජූලි 14, පෙ.ව. 12:16
13-07-26
13-07-26
12-07-26
12-07-26
12-07-26
12-07-26
11-07-26
11-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26