hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2024 මාර්තු 01, පෙ.ව. 12:05



පවතින ඉහළ උෂ්ණාධික කාලගුණ තත්වය හේතුවෙන් කුඩා දරුවන්ට වැඩි වශයෙන් ජලය ලබා දිය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

අප්‍රේල් මාසයේ මැද වගේ වනතුරු අධික උෂ්ණාධික කාලගුණ තත්වය ශ්‍රී ලංකාවට පැවතිය හැකිය.

ඒ හේතුවෙන් කුඩා දරුවන් සහ වැඩිහිටියන් විජලනයට පත්විය හැකිය.

එලෙස විජලනයට පත්වූ විට හිසරදය,වමනය ,ඇගපත වේදනාව ,නින්ද නොයාම,කලන්තය,මුත්‍ර නොයාම,මුත්‍රා තද පැහැයට හැරීම නිරීක්ෂණය කර හැකිය.

ඒ හේතුවෙන් හැකිතාක් ස්වාභාවික දියරමය ආහාර ගැනීම ඉතා වැදගත් වෙයි.

එහිදී විශේෂයෙන්ම කැල්සියම් සහිත දියරමය ආහාර ගැනීම ඉතාම වැදගත්ය.

තැබිලි වතුර ,පොල් වතුර, නාරං යුෂ සහ කැදවර්ග එහිදී පහසුවෙන්ම ආහාරයට ගැනීමට හැකි බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: