hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:15



අධි රුධිර පීඩනය සඳහ විධිමත් අයුරින් ප්‍රතිකාර ලබා ගතහොත්, 2050 වර්ෂය වන විට ගෝලීය මරණ මිලියන 76ක් වළක්වා ගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ( WHO) පවසනවා.

WHO පෙන්වා දෙන්නේ අධි රුධිර පීඩනය අතිශය භයානක බලපෑමක් ඇති කරමින් පවතින බවත්, එතුළින් මේ වනවිට වැඩි මරණ ප්‍රමාණයක් මෙන් ම ඉන් අතුරු ප්‍රතිඵල වශයෙන් ඇති කරවන ආබාධිතවල ඉහළතාවක් පෙන්නුම් කර ඇති බවයි.

එනම් අධි රුධිර පීඩනය යනු ලොව වැඩි අවදානමක් ඇති කරවන රෝගී තත්ත්වයක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

WHO හි නිවේදනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම නිහඬ ඝාතකයාටා එරෙහිව සෑම පුද්ගලයෙකු ම ඉන් ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳව ප්‍රකාශයට පත්කර ඇති බවයි.

අධි රුධිර පීඩනය, 140/90 mmHg හෝ ඊට වැඩි රුධිර පීඩන කියවීමක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, වාර්තාවට අනුව, ලොව පුරා වැඩිහිටියන් 3 දෙනෙකුගෙන් 1 දෙනෙකුට මෙම රෝගී තත්ත්වය බලපෑම් එල්ල කරනවා.

මෙම රෝගී තත්ත්වය වැළඳුණු අයෙකුට ආඝාතය, හෘදයාබාධ, වකුගඩු හානි ඇතුළු අනෙකුත් සෞඛ්‍ය ගැටලු ඇති කරවන බවයි වාර්තා වන්නේ.

WHO අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus සඳහන් කර ඇත්තේ අධි රුධිර පීඩනයෙන් ආරක්ෂා වීමට හෝ එය පාලනය කරගැනීමට නම් සරල මෙන් ම ඵලදායී අඩු වියදම් සහිත ඖෂධ ක්‍රමවේදයක් ලබාගත යුතු බවත්, මෙම රෝගයෙන් පීඩා විඳින්නන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් එය විධිමත් අයුරින් ඖෂධ ලබා ගැනීම හේතුවෙන් පාලනය කරගෙන ඇති බවටයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කැනඩාව සහ දකුණු කොරියාව වැනි ඉහළ ක්‍රියාකාරී රටවල් විස්තීර්ණ ජාතික අධි රුධිර පීඩන ප්‍රතිකාර වැඩසටහන් ඉදිරිපත් කර ඇති අතර, අධි රුධිර පීඩනය සහිත වැඩිහිටියන්ගේ රුධිර පීඩනය පාලනය සඳහා රටවල් දෙකම 50% සීමාව ඉක්මවා ගොස් ඇති බවත් හෙළි ව තිබෙනවා.

අධි රුධිර පීඩනය සඳහා ඵලදායී ලෙස ප්‍රතිකාර කරන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ක්‍රියාකාරී රටවල නිරීක්ෂණය කරන ලද මට්ටම් දක්වා ඉහළ නැංවීමෙන් 2023 සහ 2050 අතර මරණ මිලියන 76 ක් වළක්වා ගත හැකි බවටයි එම දත්ත වාර්තා මගින් WHO පවසන්නේ.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම, සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම, මද්‍යසාර සහ දුම්කොළ භාවිතයෙන් වැළකීම සහ නිතිපතා ව්‍යායාම කිරීම මෙම රෝගී තත්ත්වය වැළැක්වීමේ පියවරයන් අතර වනවා.

තවත් උපක්‍රමයක් වන්නේ දෛනික සෝඩියම් ප්‍රමාණය අඩු කිරීම බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: