hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 05, පෙ.ව. 12:02



ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් අධිවේගී මාර්ගයේ අවම වේගයට වඩා අඩු වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට අනාවරණය වී ඇත්තේ, අධිවේගී මාර්ගයේ වාර්තා වී ඇති අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් නියමිත වේගයට ගමන් නොකොට අඩු වේගයකින් රිය පදවන රියැදුරන් නිසා සිදුවන බවයි.

ඒම අනුව දැනට පැයට කිලෝමීටර් 100ක උපරිම වේගය ඒ අයුරින්ම රඳවා ගනිමින් පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර අවම වේගයක් හඳුන්වා දීමට මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

එමඟින් අනතුරු සිදුවිය හැකි අන්දමින් අඩු වේගයෙන් ගමන් කරන රියැදුරන්ට එම චෝදනාව මත දඩ නිකුත් කිරීමටද නියමිත අතර මේ මාසය අවසන් වීමට ප්‍රථම අවම වේග සීමාව හඳුන්වා දෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් මහතා පවසන්නේ.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: