hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 16, පෙ.ව. 12:05



අධිවේගී මාර්ගවල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු හා මුදා ගැනීමේ මෙහෙයුම් රක්නා ලංකා සමාගමට පවරා තිබෙනවා.

එසේ සිදු කර ඇත්තේ,මෙතෙක් එම කටයුතු සිදු කළ පොලිස් විශේෂ කාර්ය බලකාය එම කටයුතුවලින් ඉවත්වීම හේතුවෙන්.

ඒ, අනුව පෙරේදා සිට රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නිලධාරීන් මාර්ගයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය කියා සිටියේ.

මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරන්නේ, ඒ සඳහා මසකට රුපියල් මිලියන 12 ක් පමණ වැය කිරීමට සිදුව ඇති බවත්, මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම හා කුරුණෑගල අතර කොටසේ ආරක්ෂක හා මුදා ගැනීමේ මෙහෙයුම් පළාත් පාලන ආයතන වෙත පවරා ඇති බවත්ය.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: