hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2024 ජූලි 11, ප.ව. 12:42



බරපතල වැඩ ඇතිව සිරදඬුවම් විදිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇප ඉල්ලීම සලකා බැලීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අද දින නියම කරන ලදී.

ඒ අනුව මෙම ඇප ඉල්ලීම එළඹන පහළොස්වෙනිදා විභාගයට ගැනීමට නියම කළා.

අැප අයදුම් පත කැඳවූ අවස්ථාවේදී ඊට එරෙහිව නීතිපතිවරයා විසින් ලිඛිත දේශන අද ගොනුකර තිබෙනවා.

තරුණයකු පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන ලද දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් ඇයට වසර තුනක බරපතළ දඬුවම් නියම කරන ලදී.

එම තීන්දුව අභියෝගය කරමින් ඇයගේ නීතීඥයන් විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇත.

ඒ අනුව මෙම ඇප ඉල්ලීම මහාධිකරණය වෙත ගොනුකර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: