hit counter

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 1:25



පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග යළිත් වරක් ඩෙංගු වසංගත අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

සැප්තැම්බර් මාසයේ ගත වූ කාලය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 2003 දෙනෙකු වාර්තා වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, පසුගිය මාසවලට සාපේක්ෂව මෙම මාසය තුළදී ඩෙංගු රෝගීන්ගේ පහල යෑමක් පෙන්නුම් කරනු ඇතැයි සෞඛ්‍ය අංශ මීට පෙර පුරෝකතනය කර තිබුණා.

කෙසේ වෙතත්, පවතින වර්ෂාවත් සමග මෙම මාසයේ තුන්වන සතිය වනවිට ⁣ඩෙංගු රෝගීන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරනවා.

මේ වනවිට වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 63,881 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඩෙංගු අධි අවධානම් කලාප සංඛ්‍යාව මේ වනවිට 07 ක් දක්වා පහත වැටී තිබුණත්, පවතින වැසි තත්ත්වයත් සමග ඉදිරියේදී එය තවදුරටත් ඉහළ යා හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

පවතින තත්ත්වය හමුවේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: