hit counter

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් 23, පෙ.ව. 12:07



දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අවම කිරීමේ අරමුණින් “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහන යටතේ, සෑම ග්‍රාම නිලධාරි වසමකින්ම දිළිඳු හෝ අඩු ආදායම්ලාභී එක් පවුලක් ප්‍රමුඛතාව මත හඳුනාගෙන, නිවසක් ඉදිකිරීම හෝ වැඩිදියුණු කිරීම සඳහා ඉදිකිරීමේ ප්‍රගතිය මත ආධාර මුදලක් ලබා දෙනු ලැබේ.

තෝරාගත් ප්‍රතිලාභියා විසින් අවම වශයෙන් වර්ග අඩි 550ක නිවසක් ඉදිකළ යුතු වන අතර, රජය විසින් ලබාදෙන රුපියල් 650,000/-ක ආධාර මුදලට අමතරව ඉතිරි මුදල ප්‍රතිලාභියා විසින් දැරිය යුතුය.

වැඩසටහන ආරම්භයේදී එක් නිවසක ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,147,000/- වූ නමුත්, දැන් එය රුපියල් 1,764,000/- දක්වා ඉහළ ගොස් ඇත.

රජයේ ආධාර මුදලට අතිරේකව ඉතිරි මුදල දැරීමට බොහෝ ප්‍රතිලාභීන්ට ආර්ථික හැකියාවක් නොමැති බැවින්, දැනට ලබාදෙන රුපියල් 650,000/-ක ආධාර මුදල රුපියල් 1,000,000/- දක්වා වැඩි කිරීමේ යෝජනාව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර, එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: