hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 22, පෙ.ව. 12:06



ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායෙල් රාජ්‍යය නිශ්චිත ශ්‍රම වෙළෙඳපොළ අංශවල තාවකාලිකව සේවයේ නියුක්ත කරවීම සඳහා ඊශ්‍රායල් රජය සමඟ ගිවිසුමකට එළඹීමටත් ඒ සඳහා දෙපාර්ශවය අතර මූල  ලේඛනයකට අත්සන් තැබීමට 2020.2.5 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇතැයි රජය පවසනවා.

එම ගිවිසුමට අදාලව ඊශ්‍රායලයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ශ්‍රමිකයන් බදවා ගැනීමට එරට ජනගහන සංක්‍රමණ හා දේශ සීමා අධිකාරිය අපේක්ෂා කරනු ලබන බව රජය පවසනවා.

ඒ අනුව අදාළ ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම සඳහා 2023.11.6 දින දෙපාර්ශවය අතර අත්සන් කරන ලද බව සඳහන් කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: