hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 09, පෙ.ව. 11:43



අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ගේ දේහය මේ වනවිට කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන විත් එහි තැන්පත් කර තිබෙන බව වාර්තා වනවා.

මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මෙහි දී සිදුකිරීමෙන් පසු දේහය ඥාතීන් වෙත භාරදීමට නියමිත බවයි පැවසෙන්නේ.

රිය අනතුරකට ලක්ව මාස 14කට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ දී ප්‍රථිකාර ලබමින් සිටියදීයි.

මියයනවිට ඒ මහතා 65වැනි වියේ පසු වුණා.

පසුගිය 2022 වසරේ ජුලි මස 22 වනදා, ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථයක් අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී වන අලියෙකුගේ ගැටී හදිසි අනතුරකට ලක්ව තිබුණා.

එහිදී බරපතල තත්ත්වයෙන් සිටි ජැක්සන් ඇන්තනී මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර, අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් කොළඹ ජාතික රොහල වෙත රැගෙන එනු ලැබුවා.

අනතුරුව ඔහු කොළඹ ජාතික රොහලේ දැඩි සත්කාර ඒකකයේ වසර එක හමාරකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (09) අලුයම මෙලෙස අභාවප්‍රාප්ත වුණා.

මේ අතර අද දින දිවි ගමනට සමු දුන් ජැක්සන් ඇන්තනි මහතාගේ මරණයට තුඩු දුන් ආසන්න සෞඛ්‍යමය තත්වයන් පිළිබඳ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් පැහැදිලි කරනු ලැබුවා.

“ඉතාමත් කණගාටු දවසක් ඊයේ රාත්‍රි ජැක්සන් ඇන්තනී මිය ගියා. ඔහුගේ රෝගී තත්වය උත්සන්න වෙලා තිබුනේ. පෙනහලුවල සංකුලතා නිසා තවදුරටත් ඉන්න බෑ කොපමණ පහසුකම් ලබාදුන්නත්, ප්‍රතිකාරකළත් වැඩක් නෑ අවසනාවන්ත ලෙස මිය ගියා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: