2026 ජූනි 11, ප.ව. 1:21
රඳවා තබාගෙන සිටින හිටපු රාජ්ය බුද්ධි අංශ ප්රධානී සුරේෂ් සලේ වෙනුවෙන් පිටකොටුවේ පවත්වාගෙන ගිය සත්යග්රහය තවදුරටත් පැවතියේ නම්, එහි සිටි පිරිසට ජූලි 09 වැනිදා මෙන් දුවන තෙක් ගුටි කෑමට සිදු වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ජගත් මනුවර්ණ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය,.
පිටකොටුවේ පැවති මෙම සත්යග්රහය අවසන් වූයේ කොමාවකින් නොව ඉරකින් තිතකින් බවත්, සත්යග්රහයේ සිටි අයට පහර දීමට මිනිසුන් දැනටමත් පැමිණි ආකාරය තමන් දුටු බවත් මන්ත්රීවරයා සඳහන් කළේය.
“තව දවස් දෙකක් තුනක් ඔතන වාඩි වෙලා හිටියා නම් ජූලි නවයට එහා පිටකොටුව දුවනකන් ගුටි කන්න වෙනවා” යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
සුරේෂ් සලේ දින 100 කට ආසන්න කාලයක් රඳවාගෙන සිටියදී නිහඬව සිටි පිරිස්, වත්මන් පරීක්ෂණ ක්රියාත්මක වන ආකාරය දැක දැන් කලබල වී අඳෝනා තබන බව මන්ත්රීවරයා ප්රකාශ කළේය.
පාස්කු ප්රහාරය හේතුවෙන් මෙරට මුස්ලිම් ජනතාව දැඩි මානසික හා සමාජීය පීඩනයකට ලක්ව සිටියදී ඒ වෙනුවෙන් හඬක් නොනැඟූ විපක්ෂයේ මුස්ලිම් මන්ත්රීවරුන් දැන් මෙලෙස කටයුතු කිරීම ලැජ්ජා සහගත බවද ඔහු පැවසීය.
පාස්කු ප්රහාරය සහ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ විමර්ශන වත්මන් රජය යටතේ ඉතාමත් විධිමත්ව සහ හොඳින් ඉදිරියට යන බවත්, ඒ පිළිබඳව විශ්වාසයෙන් පසුවන ලෙසත් මනුවර්ණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
පහුගිය කාලයේ ජනතාව පීඩාවට පත් කළ ඉතිහාසය ජනතාවට තවමත් මතක බවත්, ජනවරම අනුව යුක්තිය ඉටු කිරීමට රජය කැපවී සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
2026 ජූනි 11, ප.ව. 1:16
2026 ජූනි 11, පෙ.ව. 11:42
2026 ජූනි 11, පෙ.ව. 11:25
2026 ජූනි 11, පෙ.ව. 10:09
2026 ජූනි 11, පෙ.ව. 12:26
11-06-26
11-06-26
09-06-26
09-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
04-06-26
04-06-26
01-06-26
01-06-26
31-05-26
31-05-26
30-05-26
30-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26