hit counter

2024 ඔක්‍තෝබර් මස 06 වන ඉරිදා

2024 ඔක්‍තෝබර් 06, ප.ව. 2:16



වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනුව මේ බව තහවුරු වන බවයි, ඔහු පැවසුවේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙරට කෘෂිකාර්මික අංශය තුළ පවත්නා විවිධ ගැටළු හේතුවෙන් පුද්ගලයින් කෘෂිකාර්මික රැකියාවලින් ඉවත් වන බවත් රටට අවශ්‍ය කෘෂිකාර්මික නිෂ්පාදනයන් නිපදවීමද පහළ යාමක් දක්නට ලැබෙන බවයි.

මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ද මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් පැවසීය.

“පසුගිය වසරක පමණ කාලය තුළ කෘෂි අංශයේ රැකියාවලින් 147,989 පමණ ඉවත් වෙලා තියනවා.

කෘෂි අංශයේ සේවා නියුක්ත පිරිස 2023 පළවෙනි කාර්තුව වනවිට 2,187,563 පමණ හිටියා.

ඒක 2024 පළවෙනි කාර්තුව වෙනකොට 2,139,574 දක්වා පහළ යාමක් පෙන්නුම් කරනවා.

2023 පළවෙනි කාර්තුව වනවිට සමස්ත සේවා නියුක්තියෙන් කෘෂි අංශයේ සේවා නියුක්තිය 26.7%ක් තිබුණේ.

නමුත් 2024 පළමුවැනි කාර්තුව වනවිට එය 25.8% පහළ යාමක් පෙන්නුම් කරනවා.”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: