hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 19, ප.ව. 9:40



මහජන නියෝජිතයින් නීති විරෝධී ලෙස දේපල උපයා ගත් මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ මහජනතාව නොව රටේ නීති පද්ධතිය මගින් බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවැති සම්මන්ත්‍රණයකදීයි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“රටක් ඉදිරියට යනවා නම් ජාතික ආරක්ෂාව කියන දේ අත්‍යාවශ්‍ය සාධකය බව අවිවාදයෙන් සදහන් කරන්න ඕනේ. පසුගිය කාලයේ අපි දැක්කා ප්‍රචණ්ඩත්වය වපුරපු, පොලීසිය ගහපු අයවලුන් අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරනකොට අපේ ගරු උගත් නීතීඥ මහත්වරු 150, 250 නැගිටිනවා ඒ කට්ටිය වෙනුවෙන් පෙනී සිටින්න. කමක් නැහැ ඒ අයගේ කැමැත්ත. ඒ පමණක් නොව උසාවිය ඇතුලේ අත්පොලසන් දෙනවා ඒ අය උසාවිය ඇතුලට ගේනකොට. මෙතනදි වුණේ ඒ රටේ නීතිය ආරක්ෂා කරන පොලිස් නිලධාරීන් චිත්ත ධෛර්යය හා මානසික මට්ටම ලිඳ පතුලටම කඩන් වැටුනා. ඒකේ ප්‍රතිඵල සමාජය ඉදිරියේ දකින්න ලැබිලා තියෙනවා. පසුගිය දවස්වල අපි දැක්කා ඉතාම කනගාටුදායක තත්ත්වයක් 72ක් ගෙවල් ගිණිබත් කලා, කෙනෙක් වැරදි ආකාරයට මුදල් හම්බ කරලා ගෙයක් හදලා තියෙනවා නම් ඒක ගැන පොලිසිය, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව ඉන්නවා. කැලෑ නීතියට පුළුවන් කමක් නැහැ ඒවා විසඳන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: