2026 මැයි 31, පෙ.ව. 12:16
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා ධූරයෙන් තමන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් කරමින් පැහැදිලි කර තිබුණා.
තමන් මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන බවත්, වයස අවුරුදු 64ක් වන තමන්ගේ විශ්වවිද්‍යාල සේවා කාලයේ අවසාන වර්ෂය එළඹ ඇති බැවින් සේවයට වාර්තා කිරීම අනිවාර්ය වී ඇති බව ඔහු පෙන්වා දුන්නා.
මෑතකදී නිකුත් වූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් මෙම ඉල්ලා අස්වීමට බලපා ඇති බවට පැතිර යන කටකතා ප්‍රතික්ෂේප කරන බවත්, එම කිසිදු සිදුවීමක් තමන්ගේ තීරණයට බලපා නොමැති බවත් ඔහු කියා සිටියා.
රජයට හෝ අමාත්‍යවරයාට මඩ ගැසීම සඳහා කිසිවෙකුට ආයුධයක් සැපයීමට තමන්ට අවශ්‍ය නොවූ බැවින්, ඉල්ලා අස්වීමේ ලිපිය පවා තමන් විසින්ම සකස් කරගත් බව ඔහු මෙහිදී අනාවරණය කළා.
මුලින් මැයි 01 වැනිදා ඉල්ලා අස්වීමට සැලසුම් කර තිබුණ ද, අමාත්‍යාංශයේ අයවැය යෝජනා (Budget Proposals) අවසන් කර දීම සඳහා මැයි 15 වැනිදා දක්වා සේවයේ රැඳී සිටි බවද ඔහු කියා සිටියා.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,
“ඔබ දන්නවා අද උදේ ඉදන් මගේ දුරකථනය මගේ සම්බන්ධීකරණ ලේකම්තුමාගේ දුරකථනය මම ඇත්තටම කිසිම දුරකථන එකකටවත් උත්තර දුන්නේ නෑ. මොකද හැමදෙනාම අහන්නේ බලාපොරොත්තු වෙන මොකක්ද කියන එක දන්නවා. අපේ අම්මා කියලා තියෙනවා ‘රට වට කර වැට බැන්දත් කට වට කර වැට බඳින්න බෑ’ කියලා. මම ඇවිල්ලා තියෙන්නේ මොරටුව විශ්ව විද්‍යාලයෙන්. මට අවුරුදු 64 ක් වෙනවා. ඒ නිසා අවසාන වර්ෂයේ අපේ හිටපු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති තුමා, ආණ්ඩුකාරතුමා හොඳින්ම දන්නවා මේ කාරණය. අනිවාර්යෙන්ම ඕනෑම විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් අවසාන වසරේ නැවත කිසිම නිවාඩුවක් ගන්න බෑ යන්න වෙනවා. ගරු අමාත්‍යතුමාගෙන් සුහදව හැමදාම ඉල්ල ඉල්ල හිටියා මට ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ යන්න දෙන්න කියලා. අපේ ගරු ජනාධිපතිතුමත් එක්කත් මම අවස්ථා තුනකදී විතර හම්බවෙච්ච වෙලාවෙදි කිව්වා මට යන්න අවශ්‍යයි කියලා. ඉතින් මේක අවස්ථාවක් කරගන්නවා ඔබ කවුරුත් දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් දුන්නා. ඒ කිසිවක් මේකට බලපාන්නේ නැහැ. මා ඇත්ත වශයෙන්ම මගේ ඉල්ලා අස්වීමේ ලිපිය මගේ කොපියවත් මම අත්සන් කරන්නේ නැතුව මං මේක මුද්‍රණය කරගත්තේ මග යන ගමන් කොමිනිකේෂන් එකට ගිහිල්ලා. ඒ තරම් මම කැමති වුණේ නෑ රජයටවත් අමාත්‍යතුමාටවත් කිසිම කෙනෙක්ට මා යන එක නිමිත්තක් කරලා අපි ව්‍යවහාරයේ කියනවාම් කිසිම කෙනෙක්ට මඩ ගසන්නට ආයුධයක් දෙන්න. මගේ සප්ත වාර්ෂික නිවාඩුවත් අවුරුදු දෙකක්ම කැපකරා. මම හිටියේ චීනේ ශැන්ඩොං විශ්වවිද්‍යාලයේ. මම මැයි මාසේ පළවෙනිදා යන්න තමයි කල්පනා කළේ නමුත් මම කල්පනා කරා මැයි මාසේ 15 අපට දෙන්න තියෙනවා බජට් ප්‍රපෝසල්, ඒ ටිකත් අවසන් කරලා යනවා කියලා. ඒ නිසා මම අනේකවාරයක් ගරු ජනාධිපතිතුමාටත් අමාත්‍යතුමාටත් නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙපලටත්, අමාත්‍යංශයේ සියලු දෙනාටමත් ස්තූතිවන්ත වෙනවා මාව නිදහස් කරන්න මගේ ඉල්ලීමට කන් දීලා මට අවසර දීම ගැන.”
2026 මැයි 31, පෙ.ව. 12:19
2026 මැයි 31, පෙ.ව. 12:19
2026 මැයි 31, පෙ.ව. 12:18
2026 මැයි 31, පෙ.ව. 12:17
2026 මැයි 31, පෙ.ව. 12:14
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26