2026 අගෝස්‍තු 15, පෙ.ව. 12:11
ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා රජය මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇති මිල කිසිසේත්ම තවත් ඉහළ දැමීමේ හැකියාවක් නොමැති බවත්, රටේ නිෂ්පාදනය කරන වී සියල්ලම මිලදී ගැනීමේ හැකියාවක් ද රජයට නැති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි.
වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
දැන් ගොවීන්ට බලපාලා තියෙන ගැටලුව තමයි රජයේ ප්‍රකාශිත මිල වූ රුපියල් 120 ට වී අලෙවි කිරීමට නොහැකි වීම, ඒ ගාණට වී ගන්න කෙනෙක් නැති වීම, අපි නාඩු වී කිලෝවක් රුපියල් 120, සම්බා කිලෝවක් රුපියල් 130 හා කීරි සම්බා කිලෝවක් 140 ක් වශයෙන් වී මිලදී ගැනීම සඳහා නිසි මිලක් ලබාදීලා කටයුතු කළත් රටේ නිෂ්පාදනය කරන වී සියල්ලම මිලදී ගැනීමේ හැකියාවක් රජයට නෑ. ඒ නිසා තමයි අපි දැන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් බලගන්වමින් සිටින්නේ. මේ වන විට අක්‍රිය වෙලා තියෙන සුළු හා මධ්‍ය පරිමාණ මෝල් ජාලයට පණ දෙන්න අපි කටයුතු කරගෙන යනවා. ඒ අයට පොලී රහිත ණය ලබාදෙන්න කටයුතු කරලා තියෙන්නේ. එතකොට මේ අය ඒ ණය ලබාගෙන රජයේ ප්‍රකාශිත මිලට වී මිලදී ගත යුතුයි.
ඉදිරියේදී එනවා කියන එල්නිනෝ කාලගුණ විපර්යාසයේ අභියෝග ජයගන්න මේ වන විටත් අපි අදාළ සියලුම අංශ එකතු වෙලා සැලසුම් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ අනුව ඉදිරි මහ කන්නය සති දෙකක් කලින් පටන් ගන්න කටයුතු කරනවා.
කමල් සුරවීර
2026 අගෝස්‍තු 15, පෙ.ව. 12:34
2026 අගෝස්‍තු 15, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 15, පෙ.ව. 12:25
2026 අගෝස්‍තු 15, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 15, පෙ.ව. 12:11
15-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
14-08-26
14-08-26
14-08-26
14-08-26
14-08-26
14-08-26
13-08-26
13-08-26
13-08-26
13-08-26
13-08-26
13-08-26
12-08-26
12-08-26