hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2024 ජනවාරි 06, පෙ.ව. 12:01



ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් අද (06) වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරීයේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් පවසයි.

ඔහු සඳහන් කළේ, වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා අතර කොටසක් අද රාත්‍රී 10.00 සිට හෙට (07) සවස 5.00 දක්වා වසා තබන බව ය.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් මෙම මාර්ගය වසා තබන බව ඔහු සඳහන් කළා.

අධ්‍යක්ෂකවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, විකල්ප මාර්ග භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අනුව, විකල්ප මාර්ග ලෙස භාවිත කළ හැකි මාර්ග මෙසේයි.

අවිස්සාවේල්ල දෙස සිට කොළඹ නගරය වෙත ඇතුළුවීම

අවිස්සාවේල්ල මාර්ගයෙන් කොටිකාවත්ත මංසන්ධියෙන් වමට හැරී ගොතටුව නගරයෙන් කොළොන්නාව හරහා දෙමටගොඩ දෙසින් බෙස්ලයින් මාර්ගය හෝ කොළොන්නාව මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට පිවිසීම.

කොළඹ නගරයේ සිට අවිස්සාවේල්ල දෙසට පිටවීම

ඔරුගොඩවත්ත, අවිස්සාවේල්ල මාර්ගයෙන් වැල්ලම්පිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටින් දකුණට හැරී කොළොන්නාව හරහා ගොතටුව නගරයෙන් වමට හැරී කොටිකාවත්ත මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට පිවිසීම





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: