hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අප්‍රේල් 17, පෙ.ව. 11:28



මෙරට සෑම පුරවැසියෙකුම රු.ලක්ෂ 10 ක් ණය බව හෙළිදරව් වනවා.

ඒ බැව් හෙළිදරව් කරන්නේ හිටපු විගණකාධිපතිවරයෙකු වූ ගාමිණී විජේසිංහ මහතායි.

2017 වාර්තාව

2017 දී විගණකාධිපතිවරයා ලෙස තමන් වාර්තාව නිකුත් කරද්දී ඒක පුද්ගල ණය බර තිබුනේ රු. පන් ලක්ෂ විසි හතර දහසේ (5,24,000) බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ වැඩි ප්‍රමාණයක් ණය ලබාගෙන තිබෙන්නේ අය – වැය පරතරය පියවා ගැනීමට බවයි.

මේ වන විට රටේ සමස්ථ ණය බර රුපියල් ට්‍රිලියන 20 ක් එනම් එකයි බිංදු 12 ක ඉලක්කමක් දක්වා වර්ධනය වී ඇති බවද ඔහු අවධාරණය කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

එහි සරල අර්ථය පරිභෝජනය එසේත් නැත්නම් කෑම බව පෙන්වා දෙන විජේතුංග මහතා රට මෙතනට තල්ලූ වීමට ප්‍රධාන හේතුව 2015 සිදු වූ මහ බැංකු මංකොල්ලය බව සඳහන් කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ණය හා ආධාර ලබා දෙන මූලික පදනමද හිටපු විගණකාධිපතිවරයා පෙන්වා දෙනවා.

ඒ ලබාදෙන සෑම ඩොලර් එකටම ආණ්ඩුව වගකිව යුතු බවත් එසේ ලබා දෙන මුදල් රටේ සාධාරණව වියදම් කළ යුතු බවයි.

එසේ නොහැඟුනොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිදු ණයක් හෝ ආධාරයක් නොදෙන බව විජේතුංග මහතා පෙන්වා දෙනවා.

හිටපු විගණකාධිපතිවරයා මේ හෙළිදරව්වන් කළේ ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින්.