hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 17, පෙ.ව. 12:04



මහින්ද රාජපක්ෂ යනු මහා කැප්පෙටිපොල විරුවා හා සමකළ හැකි අසමසම යුග පුරුෂයෙක්, විරුවෙක් බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය වේඬරුවේ ශ්‍රී උපාලි නාහිමියෝ පැවසූවා.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වන ජන්ම දිනය වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවති දානමය පුණ්‍යකර්මයේ අනුශාසනාව සිදුකරමින් උන්වහන්සේ ඉහත අදහස් පළ කළා.        

මෙහිදී තවදුරටත් අනුශාසනාව සිදුකළ නාහිමියෝ මෙසේද සඳහන් කළා.

“එදා කැප්පිටිපොල විරුවා රට ජාතිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා නොතකා දිවිහිමියෙන් කටයුතු කළා. මහින්ද රාජපක්ෂ මහතා එදා වසර තිහක් පැවැති ත්‍රස්තවාදය මුලිනුපුටා දමා රට ජාතිය බේරගන්න ඒ වගේ කැපවීමෙන් කටයුතු කළා.1948 වසරේ නිදහසින් පසු මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදුකළ දැවැන්තම මෙහෙවර යුද්ධය අවසන් කිරීම වශයෙන් අපිට දකින්න පුළුවන්. එදා ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රණවිරුවන් ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාට දිවි හිමියෙන් සහයෝගය දුන්නා. මේ යුග පුරුෂයා බිහි නොවන්නට අපේ රටේ ඉතිහාසය වෙනස් වන්නට ඉඩ තිබුණා. ඒ නිදහස ලබාදීම අද වෙනකොට බොහෝ දෙනෙකුට අමතක වීම කණගාටුවට කරුණක්. නිදහස් නිවහල් රටක් බිහිකිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ කැපවීම අප කවදත් ගෞරවයෙන් සිහිකළ යුතුයි යනුවෙන් ද නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

මෙහිදී මල්වතු මහා විහාර පාර්ශ්වය වෙනුවෙන් අනුශාසනාවක් සිදු කළ එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ සඳහන් කළේ මේ රටේ උන්නතිය වෙනුවෙන් ජනතාවගේ උන්නතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදුකළ මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් උද්ගතව පවතින්නෙ ව්යාකූල තත්ත්වයක් බවයි.   

අන්තෝ ජටා, බහි ජටා, ජටාය ජටීට පජා, ඇතුළත පටලැවිල්ලක් පිටතත් පටලැවිල්ලක් ජීවීන් පටලැවිල්ලක පැටලී ඇත. යන ධර්ම දේශනාව මෙහිදී අපට උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහතා මේ රටට සිදුකළ මෙහෙවර අප සියලු දෙනා කෘතඥපූර්වක සිහි කළ යුතුයි යනුවෙන්ද නා හිමියෝ වැඩිදුරටත් පැවසූවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: