hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 19, ප.ව. 5:47



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (18) පැය 3ක පමණ කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.

ඒ, රෝයල් පාර්ක් ඝාතන සිදුවීමේ වැරදිකරු වූ ජූඩ් ශ්‍රමන්ත නමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ සිදුවීම ගැන හිටපු ජනාධිපති කළ ප්‍රකාශ සම්බන්ධයෙන්.

ඒ මහතා පදිංචිව සිටින බෞද්ධාලෝක මාවතේ නිවසට ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම ප්‍රකාශය ලබාගෙන ඇතැයි කියයි.

අදාළ ප්‍රකාශය නීතිපතිවරයා වෙත යොමු කරනු ඇතැයි වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: