2026 මැයි 24, පෙ.ව. 12:14
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඉදිරි කාල සීමාවේදී මෙරට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය තුළද බරපතළ ඖෂධ අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ඖෂධ ආනයනය කිරීමේදී මතුව ඇති ගැටලුකාරී වාතාවරණය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
මීට පෙර ඩොලරයේ අගය අඩුවෙන් පැවති වකවානුවේදී ලබා දුන් ඇනවුම් නැවත මෙරටට ගෙන්වීමේදී මෙන්ම, අලුතින් ඖෂධ ආනයනය කිරීමේදීද ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පෙන්වා දෙන ඒ මහතා, මෙම තත්ත්වය ඖෂධ හිඟයක් නිර්මාණය වීමට සෘජුවම බලපාන බව අවධාරණය කරයි.
දැනටමත් මෙරට බාහිර ඔසුහල්වල ඇතැම් ඖෂධ වර්ගවල හිඟයක් නිර්මාණය වී ඇති බවත්, පවතින තත්ත්වය මෙලෙසම ඉදිරියටත් පැවතුණහොත් පසුගිය 2022 වසරේ මෙරට පැවති දරුණු ඖෂධ හිඟයට සමාන තත්ත්වයක් යළිත් උදාවිය හැකි බවත් ඔහු පවසයි.
එමෙන්ම ඖෂධ ප්‍රාදේශීය මට්ටමින් මිලදී ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් එය මහා භාණ්ඩාගාරයට ඔරොත්තු නොදෙන බරක් වනු ඇති බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.
එබැවින් පවතින බරපතළ වාතාවරණය සැලකිල්ලට ගනිමින්, අත්‍යවශ්‍ය ඖෂධ මෙරටට ආනයනය කිරීම සඳහා කඩිනම් සහන සහ ප්‍රතිපාදන සැලසීමට මහා භාණ්ඩාගාරය වහාම අවධානය යොමු කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.
2026 මැයි 24, පෙ.ව. 12:31
2026 මැයි 24, පෙ.ව. 12:19
2026 මැයි 24, පෙ.ව. 12:18
2026 මැයි 24, පෙ.ව. 12:15
2026 මැයි 24, පෙ.ව. 12:14
19-05-26
19-05-26
13-05-26
13-05-26
25-04-26
25-04-26
13-03-26
13-03-26
26-02-26
26-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
01-02-26
01-02-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26