2026 මැයි 28, පෙ.ව. 12:07
බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් වැළඳෙන මොළේ උණ (මෙනින්ජයිටිස් – Meningitis) රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ලබාදෙන ‘මෙනින්ගොකොකල්’ එන්නත බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) ඇතුළු රජයේ සෞඛ්‍ය පද්ධතිය තුළ දැනට මාස දෙකකට අධික කාලයක සිට නොමැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
මේ හේතුවෙන් අදාළ එන්නත ලබාගැනීමට අපේක්ෂාවෙන් පසුවන ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
මෙම ඖෂධය ඉහළ අවදානමක් සහිත විදේශීය කලාපවල සංචාරය කරන පුද්ගලයන් සඳහා ලබාගැනීම අනිවාර්ය වේ. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ රැකියා සඳහා පිටත්ව යන පිරිස් මෙන්ම මක්කම වන්දනාව සඳහා සහභාගී වන බැතිමතුන් මෙම ‘මෙනින්ගොකොකල්’ එන්නත ලබාගැනීම අතිශය වැදගත් බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
රජයේ රෝහල් පද්ධතිය තුළ දැනට මෙම එන්නත නොමැති වීම නිසා, ජනතාවට එය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට සිදුව ඇත. එලෙස පෞද්ගලික අංශයෙන් ලබාදෙන ඇතැම් එන්නත් නිසි ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් යුක්තව ගබඩා කර නොමැති බවට තොරතුරු වාර්තා වන බව ද ඒ මහතා පවසයි.
එබැවින්, පවතින අවදානම සැලකිල්ලට ගෙන මෙම ඖෂධය කඩිනමින් මෙරටට ගෙන්වා රජයේ රෝහල් පද්ධතියට සැපයීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ සංස්ථාව (SPC) වහාම පියවර ගත යුතු බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
2026 මැයි 28, පෙ.ව. 12:16
2026 මැයි 28, පෙ.ව. 12:13
2026 මැයි 28, පෙ.ව. 12:13
2026 මැයි 28, පෙ.ව. 12:11
2026 මැයි 28, පෙ.ව. 12:11
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
25-05-26
25-05-26
24-05-26
24-05-26
22-05-26
22-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
19-05-26
19-05-26
18-05-26
18-05-26
14-05-26
14-05-26