2024 සැප්තැම්බර් 11, පෙ.ව. 12:05
වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට ඊයේ (10) පඩි පාලක සභාවේ පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබෙනවා.
ඊට කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් , වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු පිරිසක් එක්ව සිටි අතර ඒ අනුව මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කම්කරු කොමසාරිස්වරයා පියවර ගනු ඇති.
මේ පිළිබඳව අදහස් දක්වමින් කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් කියා සිටියේ මෙවැන්නක්,
“දවසකට වැඩට ගිහින් ආවොත් වතු සේවකයාට EPF සහ ETF සමග රුපියල් 1,552ක් ලැබෙන්න ඕනේ කියන එකඟතාවයට අපි ආවා.”
“ඒ කියන්නේ EPF සහ ETF නැතුව රුපියල් 1,350ක්. හැබැයි 1,350ක් වුණා කියලා වතු සේවකයාට වැඩියෙන් වැඩ පටවන්න බැහැ.”
“වතු සේවකයාගේ ශ්‍රමය අපිට සීමා කරන්න බැහැ. එයා වැඩියෙන් වැඩ කළොත් මූලික වැටුපට වැඩියෙන් එයාට උපයන්න පුළුවන්. ඒක රුපියල් 350කට සීමා කරන්න අපිට බැහැ.”
මේ අතර ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ සංගමයේ වතු ලේකම් පී. චන්ද්‍රසේන මහතා මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,
“අපි සාකච්ඡා කළේ රුපියල් 1,700ක් සම්බන්ධයෙන්. ඒකට අපි ඉදිරිපත් කළේ රුපියල් 1,350ක් මූලික වැටුප. ඊට අමතරව ප්‍රඩක්ටිවිටි ඉන්සෙන්ටිව් කියන එක තමයි රුපියල් 350ට අපි ගත්තේ.”
“මේ ප්‍රඩක්ටිවිටි ඉන්සෙන්ටිව් කියන එක ගැන වතු හිමිකරුවන් කිව්වේ.. දළු කිලෝ 7ක් කඩන්න ඕනේ ඒ ප්‍රමාණය ගන්නවා නම් කියලා. ඒකෙන් වතු සේවකයාට පාඩුවක් සිදුවෙන නිසා අපි ඒකට කැමති වුණේ නැහැ. ඒක නිසා අපි මේ තීරණය කරලා තියෙන්නේ අවමය. මේක තමයි සෑම වත්තකම තිබිය යුතු ඉලක්ක සහගත ප්‍රමාණය.”
“ඒ අනුව අද පැවැති සාකච්ඡාවේදී වතු සේවක දෛනික වැටුප රුපියල් 1,350ක් සහ වැඩි දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට වතු හිමිකරුවන්ගේ එකඟතාවය පළ වුණා.”
“මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කම්කරු කොමසාරිස් තීරණය කළා.”
පසුගිය අප්‍රේල් 30 වනදා රාත්‍රියේ රුපියල් 1,000ක් පැවති වතු සේවක දෛනික අවම වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නංවමින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
අනතුරුව අදාළ ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබුණි.
ඒ අනුව වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ජුලි 4 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළා.
පසුව වතුකම්කරුවන්ගේ දෛනික අවම වැටුප 1,700ක් බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජුලි 24 වනදා කටයුතු කර තිබුනා.
එහිදී කම්කරු අමාත්‍යාංශය නිවේදනය කළේ, රුපියල් 1,700ක වතු කම්කරු දෛනික වැටුප් වැඩිවීම පඩිපාලක සභාව හරහා ගෙවීමට උපදෙස් ලබාදී ඇති බවය.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය කම්කරු අමාත්‍යවරයා විසින් ඉවත් කරගෙන තිබූ පසුබිමක වතු සමාගම් 21ක් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම ඉකුත් අගෝස්තු 06 වනදා අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගැනුණි.
අනතුරුව අගෝස්තු 14 වනදා වතු කම්කරු දෛනික අවම වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ, පඩි පාලක සභාවේ සභාපති එච්. කේ. කේ. ඒ. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුවයි.
තේ වතු කම්කරුවකුගේ දෛනික වැටුප 1,350 ලෙස එහි සඳහන් වූ අතර එම වැටුප සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගෙවීම්වලට යටත්ව සිදුකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වුණි.
ඊට අමතරව ඵලදායිතාව මත පදනම් වූ දිරි දීමානාවක් ලෙස රුපියල් 350ක මුදලක්ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන් විය.
එවන් පසුබිමක කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ්, වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු පිරිසක් පඩි පාලක සභාව සමග සාකච්ඡා කර මෙම අවසත් තීරණයට අද එකඟවී තිබුණි.
2024 දෙසැම්බර් 07, පෙ.ව. 12:29
2024 දෙසැම්බර් 07, පෙ.ව. 12:23
2024 දෙසැම්බර් 07, පෙ.ව. 12:15
2024 දෙසැම්බර් 07, පෙ.ව. 12:12
2024 දෙසැම්බර් 07, පෙ.ව. 12:09
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24