hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:04



පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට 25,000 දක්වා ඉහළ දැම්මේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ අනුමත වූ කැබිනට් පත්‍රිකාවකින් බව හිටපු රජයේ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවිර මහතා සඳහන් කරයි.

අදාළ කැබිනට් පත්‍රිකාව තමන් විසින් ඉදිරිපත් කරන ලද බවද පැවසූ ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩලයේදී ඒ සඳහා අනුමැතිය ලබා දුන් බවද කියා සිටියේය.

වැඩි කරන ලද පොහොර සහනාධාරය ඔක්තොම්බර් පලමුවැනිදා සිට ලබා දීම සඳහා අවශ්‍ය කරන මුදල් එම රජය විසින්ම වෙන් කර තිබූ බවද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් ගොවි ජනතාවට පොහොර සහනාධාරය ලබාදීම සතුටට කරුණක් බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: