hit counter

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් 20, පෙ.ව. 12:21



ඉදිරි යල කන්නය සඳහා කුඹුරුවල වගා කරන අතිරේක බෝග සඳහා රුපියල් 15,000 ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.

ගොවීන්ට නිසි පරිදි අතේ මුදල් නොමැති වීම නිසා වගාවට අවශ්‍ය කරන මූලික ද්‍රව්‍ය සපයා ගැනීමට අපහසුතාවයක් පවතී.

එම නිසා බොහෝ දෙනා වගා කටයුතු අතහැර වෙනත් කටයුතුවල යෙදෙන අතර ඒ තුළින් දේශීය නිෂ්පාදිතයද පහළ යා හැකිය.මෙවැනි හේතු කරුණු මූලික කර ගනිමින් මෙම දීමනාව ලබාදීමට ජනාධිපතිතුමා තීරණය කර ඇත.

තලවකැලේ ප්‍රදේශයේ පැවති ජන රැලියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: