2024 අගෝස්‍තු 27, පෙ.ව. 10:46
රජය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ නැංවීමටයි.
ඒ අනුව ඉදිරි කන්නයේ සිට මෙම පොහොර සහනාධාරය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
ඒ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.
ඒ අනුව, හෙක්ටයාරයකට රුපියල් 15,000ක් වූ පොහොර සහනාධාරය රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතව තිබේ.
ඊයේ (26) දිනයේ එයට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
එමෙන්ම, ඊට අනුමැතිය ද හිමිව ඇති බව වාර්තා වේ.
මේ අතර, අද දිනයේ සිට රජය විසින් වී මිල දී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ඒ බව වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ ය.
එහි මූලික අදියර වශයෙන් මහාභාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 500ක මුදලක් ලබා දී ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසීය.
ඒ අනුව සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 115කට සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130ක මිලකට මිල දී ගැනීමට කටයුතු කරනු ලබයි.
2025 මාර්තු 14, පෙ.ව. 12:20
2025 මාර්තු 14, පෙ.ව. 12:18
2025 මාර්තු 14, පෙ.ව. 12:13
2025 මාර්තු 14, පෙ.ව. 12:05
2025 මාර්තු 14, පෙ.ව. 12:00
13-03-25
13-03-25
13-03-25
13-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25