hit counter

2026 මැයි මස 10 වන ඉරිදා

2026 මැයි 10, ප.ව. 6:01



සංවිධානාත්මක සහ සැලසුම් සහගත අයුරින් ආණ්ඩුවට විරුද්ධ වන පුද්ගලයන් මර්දනය කිරීමටත්, අවශ්‍ය නම් ඔවුන්ගේ ජීවිත පවා බිලිගැනීමටත් වත්මන් රජය පසුබට නොවන මට්ටමට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.

නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල, හිරියාල ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

රට තුළ දැනට සිදුවන අභිරහස් පුද්ගල ඝාතන පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ආණ්ඩුවේ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාක්ෂිකරුවන් තර්ජනය කර කටඋත්තර ලියා ගැනීමට බලධාරීන් උත්සාහ කරන බවයි. 

ආණ්ඩුවේ උවමනාවන් ඉටු නොකරන පුද්ගලයන්ට මරණ තර්ජන එල්ල වන බවත්, ඒ පිළිබඳ සාක්ෂි සහිත දිවුරුම් ප්‍රකාශ පවා පවතින බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය.

නීතිය තමන්ට අවශ්‍ය පරිදි නමමින්, විරුද්ධ මතධාරීන් මර්දනය කර ජීවිතයෙන් වන්දි ගෙවීමට සැලැස්වීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට අතිශය භයානක තත්ත්වයක් බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. 

ආණ්ඩුවේ මෙම මර්දනකාරී වැඩපිළිවෙළ හමුවේ තමන් ඇතුළු විපක්ෂය පසුබට නොවන බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

පක්ෂයක් විදියට අපි ගමින් ගමට යන වෙලාවේ ඒ ගමින් ගමට යනකොට අපිට පේන තෙක් මානෙක මැතිවරණයකුත් නෑ ඡන්දයක් තියෙන දවසක් අපේ හාමුදුරුවනේ අපි දන්නේ නෑනෙ.හැබැයි හැම ගමකම අව් රශ්මිය තිබ්බත් වර්ෂාව තිබ්බත් හැම ගමකම හැම කොට්ඨාශයකම අපිට මේ රටට ආදරය කරන පිරිස අපි වටා අපේ පක්ෂය වටා එක්රොක් උනා.එක පැත්තකින් වර්තමාන ආණ්ඩුව කියපු බොරු ,අද මැයි මාසේ නමවෙනිදා  තමයි අපේ හාමුදුරුවනේ මීට අවුරුදු හතරකට කලින් අරගලයක් ගෙනල්ලා අපේ පාක්ෂිකයන්ට ගහලා ගෙවල් ගිනි තියලා      අතුකෝරළ මන්ත්‍රීතුමාව මහ පාරේ ඝාතනය කරලා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් ඉටු කරගන්න අරගලය අස්සෙන් යම් පිරිසක් උත්සාහ කරපු දවස. ඒකෙ ප්‍රතිඵලයක් විදියට වර්තමාන ආණ්ඩුව පත්වෙනවා නැහැයි කියන්න බෑ ඒක කාටවත්.ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි අපේ හාමුදුරුවනේ වර්තමාන ආණ්ඩුව පත්වෙන්නේ.හැබැයි අවංකව අරගල භූමියකට ගිහිල්ලා අවංකවම මේ රටේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන අනාගත පරම්පරාවට ඔබින ආකාරයට මේ රටේ දේශපාලනයේ නවීකරණය වෙන්න ඕනේ කියලා හිතපු තරුණයන්ටත් අමු අමුවේ බොරු කියලා උගත් බුද්ධිමත් ආචාර්ය මහාචාර්යවරු කියපු අයවත් රවට්ටලා මේ ආණ්ඩුව බලයට ආවේ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවමත් කියනවා ආපහු ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවන්නලු. අපි නෙවෙයි ඒ එකසිය පනස් නව දෙනා මුලින්ම කියවන්න ඕන.ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කිසි දෙයක් ඒ අය තවම දන්නේ නෑ.

අද අසීමිත විදිහට ජනතාවට බදු ගහනවා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ තරුණයෙක් ගිහිල්ලා යම් ආදායමක් ඉපයූවොත් ඒකටත් බද්දක් ගහනවා. බිත්තර ගොවියෙක් ඉන්නවනම් ඒකටත් බද්දක් ගහනවා. වී ගොවියෙක් ඉන්නවනම් ඒ ගොවියගේ ආර්ථිකයත් විනාශ කරනවා.  ගොවි සංවිධාන ගිහිල්ලා පොහොර නැද්ද කියලා ඇහුවම ඇමතිතුමාත් කියනවා ඔව් පොහොර නැහැ. කියලා පොහොර නෑ කියල කියන්න ඇමතිතුමෙක් මොකටද? හැබැයි ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද ,ඊළඟ කන්නේ ගොවියට පොහොර ටික දෙන්න ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද? ගොවියගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් ගානකට වටිනාකමකට වී ටික මිලදී ගන්න මොනම සැලැස්මක්වත් මේ ආණ්ඩුවට නෑ.

මිත්‍රවරුනි, අසීමිත විදිහට බදු ගහලා ජනතාව මත බදුපිට බදුු පටවලා කර්මාන්තශාලා වැහුනත් ව්‍යාපාර ව්‍යවසායකයෝ වැහිල ගියත් කමක් නෑෑ කියන මානසිකත්වයේ ඉන්නේ.ආගමට දහමට ගරු කරන්නැති ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා. සංවිධානාත්මකව ගරුතර සංඝරත්නයට පහර දෙන්නේ සම්බුද්ධ සාසනය විනාශ කරන්න ආගමික විශ්වාසය බිඳ දමන්න බෞද්ධ කතෝලික හින්දු ඉස්ලාම් ආගමික විශ්වාසයන් බිඳලා දාන්න අද සංවිධානාත්මකව මේ ආණ්ඩුව කටයුතු කරනවා.අපි දැකලා තියෙනවා මේ කලාපයේ සමහර රටවලත් සංවිධානාත්මකව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා මේ ආණ්ඩු බලයට ගේන්න වියදම් කරපු අයගේ න්‍යාය පත්‍රයන් අද ක්‍රියාත්මක වෙනවා.අනිත් පැත්තෙන් ආණ්ඩුවේ වංචාව වහගන්න මර්ධනය පාවිච්චි කරනවා.අපි දැක්කා මුදල් අමාත්‍යංශයේ කෝටි අසූවක් වැරදි ගිණුමකට ගෙවලා මුදල් ලේකම්වරයා.මුදල් ලේකම්වරයා කියන්නේ මේ ආණ්ඩුවේ දේශපාලන පත්වීමක්.දේශපාලන වේදිකාවේ හිටපු කෙනෙක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේන් මුදල් ලේකම් බවට පත්කරනවා ජනාධිපතිවරයාට එතරම් විශ්වාසයි ඔහු වැඩේ කරයි කියලා.කරා රට හදන එක නෙවෙයි ගිණුමෙන් සල්ලි මාරු කරන එක වැරදි ගිණුමකට ගෙවන එක.

අභිරහස් විදියට පුද්ගලයෝ ඝාතනය වෙනවා.නීතිය නමනවා තර්ජනය කරනවා ආණ්ඩුවේ අවශ්‍යතාව ඉටු කරු කරගන්න කටඋත්තර ලියාගන්න හදනවා ආණ්ඩුවේ උවමනාව ඉෂ්ඨ කරේ නැත්නම් ඔවුන්ට මරණ තර්ජනය කරනවා. ඔවුන් ඒ පිළිබඳව දිවුරුම් ප්‍රකාශ දෙනවා සාක්ෂි තියෙනවද සංවිධානාත්මකව සැලසුම් සහගතව ආණ්ඩුවට විරුද්ධ වෙන පුද්ගලයන්ව මර්ධනය කරන්න ජීවිතයෙන් හරි කමක් නෑ මර්ධනය කරන්න පුළුවන් තැනට ආණ්ඩුව පත්වෙනවා. පොලිස්පතිවරයාටත් කියන්නේ කරුණාකරලා ඔබ පොලිස්පතිවරයා විදියට පොලිස් නිල ඇඳුමේ ගෞරවය  ආරක්ෂා කරන්න.ඔබ කෙලෙසන්නේ විනාශ කරන්නේ පොලිස් නිලඇදුමේ ගෞරවය. ඔබතුමා පැන්ෂන් යයි ඉඳලා ඔයා යයි ආණ්ඩුවත් යයි.මේ ආයතන වල විශ්වාසය බිඳ වැටෙනවා.පන්සල පල්ලිය කෝවිල කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටෙනවා.රාජ්‍ය සේවය කෙරෙහි ප්‍රාදේශීය ලේකම්වරයා දිසාපතිවරයා කෙරෙහි ත්‍රිවිධ හමුදාව පොලිසිය බුද්ධි අංශ කෙරෙහි තියෙන විශ්වාසයන් බිඳවැටෙනවා.ඒ විශ්වාසය ගොඩනගන්න ලේසි නෑ අද දේශපාලනිකව වශයෙන් ආණ්ඩුවට කඩේ යන උදවිය තනතුරු තානාන්තරවලින් යයි.හැබැයි යන්නේ යන යකා කොරහත් කඩාගෙන යනවා වගේ මේ සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම සිස්ටම් එකම රටම විනාශ කරගෙන.ඒ හින්දා අද ගම් මට්ටමේ ජනතාව අපි එක්ක පෙළගැහෙන්නේ විශ්වාසයක් තියෙනවා අපේ කඳවුර ඔයගොල්ලන්ට විශ්වාසයක් තියෙනවා අපේ කඳවුර හැමදාම රට පැත්තේ හිට ගත්තා.ගමේ දරුවාගේ අධ්‍යාපනය හදන්න අම්මා තාත්තා ආර්ථිකය හදන්න වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරා.ඒ තුළ අලුත් ව්‍යවසායකයෝ හැදුනා අලුත් ව්‍යාපාරිකයෝ හැදුණා.තරුණ පරම්පරාවට රැකියා උත්පාදනය කරන්න අවස්ථාවක් ලැබුණා අද එන්න එන්න කර්මාන්තශාලා වැහෙනවා.ආණ්ඩුව හිතනවා මේ බිත්තරයට වඩා පිටරටින් ගේන එක ලාභයි හොඳයි කියලා. ආණ්ඩුව හිතනවා පිටින් හාල් ගේන එක හොඳයි මේ වී ගොවියා රකිනවට වඩා කියලා.ආණ්ඩුව හිතනවා පිටින් එළවළු පළතුරු කියන එක හොදයි මේ හොදයි මේ ගොවියට සහනයක් දෙනවට වඩා කියලා.ඒ තුළ ආණ්ඩුව යැපෙන්නෙක් බවට පරිවර්තනය කරලා තියෙනවා මේ රටේ සමස්ත ආහාර සුරක්ෂිතතාවය සම්පූර්ණයෙන්ම ඒ තුළ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා.ඒ හින්දා ආණ්ඩුවෙ ඉන්න අයටත් අපි කියන්නේ කරුණාකරලා ඔය බොරු කියන එක නවත්වන්න දැන්වත්.තර්ජනය කරන එක නවත්වන්න තර්ජනයට අපි බය නෑ.ඔවට බයවෙන කට්ටිය ඇති හැබැයි අපිි බය නෑ.ඒ හින්දා අපිව බය කරන්න තර්ජනය කරලා හරියන්නෙ නෑ.කරුණාකරලා දීපු පොරොන්දු ටික ඉටු කරන්න.

ඔබ අරගලේ හිටපු දරුවන්ට බොරුු කියලා රවට්ටලා බලයට ආවේ.ගෙවල් දාස් ගානක් ගිනි තියලා බලයට ආවේ.ඔබ ලොකු ඒවා හදාගත්තට කමක් නෑ. හැබැයි අනිත් එක්කෙනාගේ එකට ඊර්ෂ්‍යා කරන්න එපා.එයාලට මැති ඇමතිවරු ලොකු ගෙවල් හදනවා ඒකට නෙමේ මිනිස්සුන්ගේ ගෙවල් වලට ඊර්ෂ්‍යා  කරන්න එපා. එයාලා දැන් ලොකු වාහනවල යනවා හැබැයි අනිත් මනුස්සයාගේ එකට ඊර්ෂ්‍යා  කරන්න එපා.ඒ හින්ද කරුණාකරලා මේ රටේ මිනිස්සු මෝඩයා කරන්න හදන්න එපා.අපි පක්ෂයක් විදියට ශක්තිමත් වෙමු අපි පක්ෂයක් විදියට පෙළ ගැහෙමු මම ස්තූතිවන්ත වෙනවා යූ.කේ සුමිත්ට චමින්ද මන්ත්‍රීතුමාගේ කොට්ඨාශයේ අපි ගමින් ගමනට යනකොට ජොනි ඇමතිතුමා ආරාධනා කරා කුරුණෑගලට එමු කියලා. අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ කොට්ඨාසය රැස්වීමක් එහෙම නෙවෙයි.හැබැයි මේ සෙනඟ දැක්කම ඒ අස්සේ තෙමි තෙමි අම්මල දරුවෝ වඩාගෙන තරුණ පිරිස ඒකරාශී වෙලා මේ කොට්ඨාස රැස්වීමක් තවම අපි බලය පෙන්නුවේ නැහැ. දැන් ආණ්ඩුව කෙඳිරි ගාන්නේ නැතුව වැඩ කරන්න.ඒ හින්දා අද පැහැදිලිවම පේනවා ගම්මට්ටමේ ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙළ ආණ්ඩුව කරන මේ විනාශය ආණ්ඩුව කරන මේ නාස්තිය ආණ්ඩුව කරන මේ වංචාව දූෂණයට එරෙහිව අද ගම්වල ජනතාව එකතු වෙමින් පවතිනවා.ඔබ ශක්තිමත් වෙන්න ශක්තිමත්ව ඒකරාශී වෙන්න අපි මේ මහ පොළොවේ පය ගහපු මහපොළොවේ යථාර්ථය හඳුනන මේ මහ පොළවේ සතා සිවුපාවට ගහ කොළ වලට ආදරය කරන ආණ්ඩුවක් බිහි කරන සටනට අපි පටන් ගමු.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: