hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2026 ජූනි 04, ප.ව. 3:26



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.විශේෂයෙන්ම ඔහු විපක්ෂය ඉලක්ක කරගෙන යනු ලබන අනවශ්‍ය ප්‍රකාශ පක්ෂයට ඉතා අහිතකර හා අවාසි සහගත බව පොහොට්ටුවේ සාමාජිකයින් එහි පාලනාධිකාරියට දන්වා ඇත.

තවද අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකවරයාද වන තිස්සකුට්ටිආරච්චිට අනුරාධපුර පක්ෂ සාමාජිකයින්ද දැඩි විරෝධයක් පල කරන අතර මීට පෙර අනුරාධපුර පොහොට්ටුවේ සම්මජිකයින් රැසක්ද තිස්සකුට්ටිආරච්චි නිසා පක්ෂයද හැරගොස් තිබිණි.

තවද ඔහු නාමල් රාජපක්ෂ ජනාධිපතිවූ විට ඔහු නිලනොලත් ජනාධිපති ලෙස පැවසූ අතර එම ප්‍රකාශය සම්බන්ධව පක්ෂ පාලනාධිකාරිය විනය පරීක්ශණයක් පැවැත්වූ අතර දැඩි ලෙස අවවාදද කර තිබිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: