hit counter

2025 ජූලි මස 16 වන බදාදා

2025 ජූනි 04, පෙ.ව. 12:02



ඡන්ද වේදිකාවේ දේශපාලකයන්ගේ සුරතලුන්ගේ දත්ත පවා හෙළිදරව් කළ ආණ්ඩුවේ අයට දත්ත ආරක්‍ෂාව ගැන කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් තිබේදැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ (03) පාර්ලිමේන්තුවේදී දත්ත ආරක්‍ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙම පනත මුලින්ම තම පක්ෂය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී වත්මන් ආණ්ඩුව එය දැඩිව විවේචනය කළ බවයි.

දත්ත ආරක්ෂණ පනතට සංශෝධන ගෙන ඒම හොඳ දෙයක් නමුත් මේක කළ යුත්තේ අවුරුදු කීපයකට පෙර බවත් ඒ සඳහා රජය ගත යුතු ක්‍රියාමාර්ග පරක්කු වීම නිසා, ඩිජිටල් යාන්ත්‍රණය පරක්කු වීම සාධාරණ නැතැයි යනුවෙන්ද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා :

“දත්ත ආරක්ෂණ පනතට සංශෝධන ගෙන ඒම ඉතා හොඳ දෙයක්. මේක කරන්න තිබුණේ අවුරුදු කීපයකට පෙර. අවාසනාවකට එය සිදුවුණේ නැහැ. මේ ක්ෂේත්‍රය සඳහා කාර්ය මණ්ඩල බඳවා ගැනීම අවශ්‍ය බව ජනාධිපතිවරයාත් කියනවා. ඒ සඳහා රජය විසින් ගත යුතු ක්‍රියාමාර්ග පරක්කු වන නිසා ඩිජිටල් යාන්ත්‍රණය පරක්කු කිරීම සාධාරණ නැහැ. ඊට අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගන්නවත් ආණ්ඩුව කටයුතු කර නැහැ. මේ පනත ගැන ජවිපෙ ආණ්ඩුවකින් කතා කිරීම සතුටුයි .අප මේ පනත මුලින් පාර්ලිමේන්තුවට ගේන කොට ඔබලා විවේචනාත්මකව කතා කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: