hit counter

2026 ජූනි මස 06 වන සෙනසුරාදා

2026 ජූනි 07, පෙ.ව. 12:13



පිරමීඩ ජාවාරම්, අධික ලාභාංශ පෙන්වා සිදුකරන ව්‍යාජ ආයෝජන, නීතිවිරෝධී ලෙස තැන්පතු රැස්කිරීම් සහ විවිධ ඩිජිටල් වංචා හේතුවෙන් සිදුවන්නේ පුද්ගලික ධනය අහිමි වීම පමණක් නොව, සමස්ත සමාජයම මහන්සියෙන් එකතු කරගත් සමස්ත ඉතුරුම් පද්ධතියම විනාශ වී යාම බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ජී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

කොළඹදී පැවැති උත්සවයකදී ඔහු මේ බව පෙන්වා දුන්නේය. 

මෙම මූල්‍ය අපරාධ දෙස පුළුල් ආර්ථික විද්‍යාත්මක කෝණයකින් බලන විට, කාලාන්තරයක් තිස්සේ මහත් කැපවීමෙන් ගොඩනඟන ලද රටේ පිළිගත් විධිමත් මූල්‍ය ආයතන කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය පළුදු වීමට මෙම වංචනික ක්‍රියා සෘජුවම බලපාන බව අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

එමෙන්ම, වර්තමානයේ සීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් වංචාවලින් සිවිල් ජනතාව මුදා ගැනීම මෙන්ම නීතිවිරෝධී ව්‍යාපෘති විශේෂයෙන් මේ දිනවල දිවයින පුරා ප්‍රසිද්ධ වෙමින් පවතින විවිධ වගා ව්‍යාපෘති පිළිබඳව ජනතාව තුළ පවතින නොදැනුවත්කම තුරන් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ද හෙතෙම අවධාරණය කළේය. 

මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී සංවිධානය කර තිබූ “වංචාවලින් ආරක්ෂා වෙමු” නමැති ජාතික දැනුවත් කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන දේශනය පවත්වමිනි. මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබුණේ විවිධ මූල්‍ය වංචා සිදුවන ආකාරය සහ ඒවායින් ප්‍රවේශම් වන ආකාරය පිළිබඳව මෙරට ජනතාව සන්නද්ධ කිරීමේ අරමුණෙනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: