hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2025 පෙබරවාරි 17, ප.ව. 8:10



පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වුණි.

ඊට පක්ෂව ඡන්ද  187ක් හිමිවුණි.

කෙසේවෙතත් කෙටුම්පතට විපක්ෂව කිසිදු මන්ත්‍රීවරයකු ඡන්දය ලබා නොදුන් අතර කිසිවකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේද නොමැත.

ඉන් අනතරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව ආරම්භ විය.

එහිදී පක්ෂව ඡන්ද 158ක් හිමිවූ අතර විපක්ෂ කිසිදු ඡන්දයක් භාවිතා කර තිබුණේ නැත.

කිසිවකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේද නොමැත.

ඒ අනුව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව විශේෂ බහුතර සම්මත් වූ බව කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: