hit counter

2026 මැයි මස 18 වන සඳුදා

2026 මැයි 19, පෙ.ව. 12:23



මේ වන විට රටේ බලශක්ති ක්ෂේත්‍රය අර්බුද රැසකට මුහුණ දී සිටින බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පෙන්වා දෙයි. බලශක්ති ක්ෂේත්‍රය තුළ කෝටි ප්‍රකෝටි ගණන් නාස්තියක් සිදුවෙමින් පවතින බව හිටපු අමාත්‍යවරයා කියා සිටියි.

නිවැරදි ටෙන්ඩ ක්‍රමවේදය අනුව කටයුතු කළේ නම් අප්‍රේල් 20වැනිදා වන විට ගල් අඟුරු නැව් 37 ලංකාවට ගෙන්විය යුතු වන අතර වංචනික ලෙස විවිධ සමාගම්වලට ටෙන්ඩ ලබාදීම හේතුවෙන් ප්‍රශ්න සහගත තත්ත්වය මතුව ඇතැයි හෙතෙම පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, 

අන්න දැන් ගල් අඟුරු ටික බාගන්න නැව් පුත්තලම වටේ කරකැවෙනවා,වාරකම් ඇවිල්ල තියෙන්නේ මේ ගල් අඟුරු ටික දැන් බාගන්න බෑ මේ නිසා විශාල අලාභයක් ජනතාවට සිදුවෙනවා ජනාධිපති කියන විදිහට 720 ඩීසල් ලීටරයක් සඳහා වැය කරලා සිංගප්පූරුවේ රුපියල් 320යි ලීටරයක් වෙන්නෙ ජනාධිපතිතුමා පැහැදිලි කරන්න ඕන ඉතුරු හාරසිය විස්ස ගියේ කාටද නැත්තං ඒක ගියේ පැලවත්තටද?

මේ පාඩුව තෙල් සංස්ථාව හරහා පාරිභෝගිකයන්ටත්,විදුලි බල මණ්ඩලය හරහා පාරිභෝගිකයන්ටත්,මහා භාණ්ඩාගාරය හරහා බදු ගෙවන්නන්ටත් පවරලා තියෙනවා ”මේ අය අපිට මඩ ගහමින් සිටිනවා,සිල්ව කියනවා පරණ අය වැරදිකාරයෝ වෙනවා.  අලුතෙන් ගල් අඟුරු ගෙනාපු අය නිවැරදි කාරයෝ වෙනවා කියලා, 2009 ඉඳලා ගල් අඟුරු සම්බන්ධව අපි දන්න තොරතුරු අපි දීලා තියෙන්නේ,මේ අය දිගින් දිගටම අපිට මඩ ගහන්න හදනවා අපිට මඩ ගහලා අපේ දේශපාලනය වට්ටන්න බැහැ,මේ අය කියනවා අපි ගල් අඟුරු නැව් පහක් ගෙනාව කියලා අපි ටෙන්ඩර් අනුව තමයි ගල් අඟුරු ගෙනාවේ ටෙන්ඩර් කියාපටිපාටියෙන් තොරව අපි කිසිසේත්ම ගල් අඟුරු ගෙනාවේ නැහැ,අපි දිගුකාලීන ටෙන්ඩර් අනුගමනය කරලත් නැහැ. අපිට මඩ ගහන්න හදනවා මේ අය මේ හදන්නේ පුත්තලම මුහුදේ කෝටි ප්‍රකෝටි ගාණින් නාස්ති වෙන ධනය වහගන්න හැබැයි ජනාධිපතිතුමනි ඔබට ඇත්තට මුහුණ දෙන්න සිදුවෙයි.

මොකක්ද මේ 2012 ගල් අඟුරු සිද්ධිය,2012 දි වාරකං කාලයේදී ගල් අඟුරු නැවතුනක් ගෙනල්ල තිබුණා දැනුම් දීමකින් තොරව වාරකම් කාලය නිසා ඒ ගල් අඟුරු නැව් තුන බාගන්න බැරි උනා,අපේ අනුමැතියකින් තොරව අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිස ගෙවීම් සිදු කරලා තිබුණා,මොකද අපි කරේ? කිසිම ගෙවීමක් කරන්න එපා කිව්වා ගල් අඟුරු බාන්න අපි ඉඩ දුන්නේ නැහැ. අනුර කුමාර දිසානායක වගේ බාල ගල් අඟුරු ගෙනල්ලා ඒව බාලා අලාභ අය කරගන්න අපිි ගියේ නෑ. අපිට ඉහළින් ජනාධිපති හිටියා. නමුත් අපි මේක පිළිබඳ රහස් පොලිසියට පැමිණිලි කරා. මොකද අන්තිමට අපි කරේ ඉල්ලා අස්වීම දීල අපි ගෙදර ගියා. අපි වංචාව හෙළිදරව් කළා. අර විගණක වාර්තාවේ අතනින් කෑල්ලයි මෙතනින් කෑල්ලයි අර ගන්නේ නැතුව සම්පූර්ණම ඕක කියවන්න.”

ඒ අනුව ගල් අඟුරු ආනයනයේදී සිදුව ඇති අක්‍රමිකතා සෙවීමට පත්කර තිබෙන කමිටුවේ ගරුත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වහාම ටිල්වින් සිල්වා කොමිසමට ගෙන්වා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි රණවක මහතා පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: