2026 අගෝස්‍තු 16, පෙ.ව. 12:29
ගල් අඟුරු නැව් 30ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ වංචාවකට ජනාධිපතිවරයා සම්බන්ධ බවට තමන් සතුව ප්‍රමාණවත් සාක්ෂි පවතින බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තමන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් කර ඇති බව රණවක මහතා අනාවරණය කළේය.
ඉන් පළමු පැමිණිල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇත.
කොමිෂන් සභාව පත් කර ඇත්තේ “තමන්ගේ අය නිදහස් කර ගැනීමට සහ පැරණි අයට දඬුවම් දීමට” බවට ටිල්වින් සිල්වා මහතා කළ ප්‍රකාශය මගින් කොමිසමේ ස්වාධීනත්වයට හානි වන බව ඔහු එහිදී පෙන්වා දී තිබේ.
දෙවන පැමිණිල්ල ලෙස ගල් අඟුරු නැව් 30ක් වංචනික ලෙස ප්‍රසම්පාදනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම ක්‍රියාවලිය හේතුවෙන් රටට සහ ආර්ථිකයට සිදු වූ දැවැන්ත පාඩුව මෙන්ම විදුලි කප්පාදුවට බලපෑ හේතු පිළිබඳව විද්‍යාත්මක සහ අනෙකුත් සාක්ෂි තමන් කොමිසම හමුවේ තබා ඇති බව ද ඔහු සඳහන් කළේය.
“මම මේ ගැන පොලිසියටත් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. මෙය හුදෙක් කටකතාවක් නෙවෙයි, විද්‍යානුකූල කරුණු සහිත පැමිණිල්ලක්. කොමිෂන් සභාවේ මාස හයක කාලය අවසන් වූ පසු ඔවුන්ගේ වාර්තාව නිකුත් කරන තෙක් මම බලා සිටිනවා. ඉන්පසු මා සතු සියලු සාක්ෂි සහ ලේඛන ජනගත කිරීමට මම සූදානම්,” යැයි ද චම්පික රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2026 අගෝස්‍තු 16, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 16, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 16, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 16, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 16, පෙ.ව. 12:18
13-07-26
13-07-26
03-06-26
03-06-26
19-05-26
19-05-26
06-04-26
06-04-26
30-03-26
30-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
23-03-26
23-03-26
21-03-26
21-03-26
18-03-26
18-03-26
27-02-26
27-02-26
06-02-26
06-02-26