hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 ජූනි 25, පෙ.ව. 12:04



නිළියක හා නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ අංක සීබී එම් 1949 දරන රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය 2021 වර්ෂයේදී මිලදී ගැනීමේ ගනුදෙනුව ලෙස රුපියල් ලක්ෂ 780ක් ලෙස සටහන්වූ බවත් වැලිබල් ෆිනෑන්ස් සමාගමෙන් රුපියල් ලක්ෂ 400ක කල් බදු පහසුකමක් ලබාගෙන මුල් කොටස ගෙවූ පියුමි පසුව අවස්ථා කිහිපයකදී  එහි ඉතිරිය ගෙවා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයගේ වත්කම් පිළිබඳව සිදුකරන පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ නිලධාරීන් වැලිබල් ෆිනෑන්ස් සමාගමේ අලෙවි විධායකයකුගෙන් මේ ගැන ප්‍රශ්නකර තිබෙන අතර පියුමි හංසමාලි ස්පීඩ් ඩ්‍රාෆ්ට් යටතේ රුපියල් ලක්ෂ 400 ක මුදලක් 2023.03.07 දින ලබාගත් බවත්, එම මුදල දිනකට රුපියල් 33,425 බැගින් අවුරුදු එකක කාලයක් තුළ ගෙවීමට ලබාගත් බවත් දන්වා තිබේ.

ඇය ඒ ආකාරයට මසකට මිලියනයකට ආසන්න වාරික කොටස් ගෙවා තිබෙන අතර 2023 ජුනි 30 වනදා සම්පූර්ණ මුදල ගෙවා අවසන් කර ඇත.

ඉන්පසු 2023.07.24 දින ස්පීඩ් ඩ්‍රාෆ්ට් පහසුකම යටතේම ඇය තවත් රුපියල් ලක්ෂ 450 ක මුදලක් ලබාගත් බවත්, එම මුදල 2023.12.18 දින ගෙවා අවසන් කර ඇති බවත් වැලිබල් ෆිනෑන්ස් දන්වා ඇත.

 තුන්වන වරට 2023.12.19 දින රුපියල් ලක්ෂ 450 ක මුදලක් ගොනු දෙකක් වශයෙන් ලබාගත් බවත්, ඉන් ලක්ෂ 250ක මුදලක් ෆිනෑන්ස් පහසුකමක් යටතේද, ලක්ෂ 200ක මුදලක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් යටතේද ලබාගත් බවත් ඉන් රුපියල් ලක්ෂ 250 ක මුදල මාසිකව රුපියල් 2,327,847 බැගින් වාරික 12කින් ගෙවා අවසන් කිරීමට ලබාගත් බවත්, රුපියල් ලක්ෂ 200 සඳහා දිනකට රුපියල් 11,057 බැගින් වර්ෂයක් තුළ ගෙවා අවසන් කිරීමට ලබාගෙන ඇති බවත්ය.

මේ ආකාරයට විශාල ප්‍රමාණයෙන් ණය වාරික ගෙවීමට පියුමිට හැකියාව ලැබුනේ ඇය සඳහන් කර ඇති එකම රැකියාව ලෙස දක්වා ඇති රූප ලාවන්‍ය ව්‍යාපාරික කටයුතු වලිනි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: