hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 18, පෙ.ව. 12:05



ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් නොතිබියදීත් ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ලබාදී ඇති දේශපාලනඥයන්, ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන් සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා රාජ්‍ය බුද්ධි සේවයට පසුගිය සතියේදී දැනුම්දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පුවත්පතක් කළ විමසුමකදී අදහස් දැක්වූ ඇමැතිවරයා පවසා ඇත්තේ, දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට අනවශ්‍ය ආකාරයට ලබාදී ඇති පොලිස් නිලධාරීන් ළඟදීම ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් නොමැති පුද්ගලයන්ට මේ ආකාරයට පොලිස් නිලධාරීන් පන්දහසකට ආසන්න පිරිසක් යොදවා සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කර තිබෙනවා.

මේ තත්වය හේතුවෙන් පොලිසියේ සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන්ගේ බරපතළ හිඟයක් මතුව ඇතැයි වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: