hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 13, ප.ව. 2:58



සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාව එක්රැස් වන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් අනුවයි.

ඒ අනුව පොලිසියේ 14,000ක් රාජකාරිය සඳහා යොදවා ඇති බව සඳහන්.

විශේෂ කාර්ය බලකායේ 500 දෙනෙකු ද ආරක්ෂක කටයුතු සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන් ම ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් 400 දෙනෙකු ද යොදවා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සිවිල් ආරක්ෂක කමිටු සමාජිකයන් 15,806 දෙ‍නෙකු මෙම කටයුතු සඳහා යොමු කර ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: