hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 26, පෙ.ව. 9:38



නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට මෙවර වැටුප් ලබා දීමේදී ඇතැම්  පිරිස්වලට වැටුප අඩු වීමත් තවත් පිරිසකට කිසිදු වැටුපක් නොලැබීමත් හේතුවෙන් ඔහුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

මේ බව අනාවරණය වී ඇත්තේ ඊයේ (25) දින එම නිලධාරීන් සඳහා වූ වැටුප් බැංකු ගත කිරීමෙන් අනතුරුව සිදුකරන ලද පරීක්ෂාවකින් අනතුරුවයි.

මේ අතර වැඩ තහනමට ලක් වූ ඇතැම් පොලිස් නිලධාරීන්ට ද මෙවර වැටුප් බැංකුගත වී ඇතැයි ද වාර්තා වනවා.

වැටුප් ලද පිරිසෙන් බොහෝ පිරිසකට ලැබී ඇත්තේ 2021 ජනවාරි  මස දී ඔවුන් ලබාගත් වැටුප බවත් පෙබරවාරි මස සිට මේ දක්වා නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ රාජකාරි සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ට කිසිදු වැටුපක් බැංකු ගත වී නැති බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

නුගේගොඩ පොලිස් අධිකාරී බල ප්‍රදේශයට අයත් මිරිහාන, මහරගම , කඩුවෙල , හෝමාගම, හංවැල්ල, මීගොඩ, වැල්ලම්පිටිය, අතුරුගිරිය, මාලඹේ, බොරලැස්ගමුව, නවගමුව, තලංගම, මුල්ලේරියාව, මාලබේ, කොට්ටාව,  වැලිකඩ හා පාදුක්ක යන පොලිස් ස්ථාන 17ක නිලධාරීන් දහස් ගණනක් මෙන්ම විශේෂ අංශවල සේවය කරන නිලධාරීන්ද මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්වී තිබෙනවා.

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසුවා.

මේ පිලිබදව  සොයා බලා පිලිතුරක් ලබා දෙන බව පැවසුවද අවස්ථා කීපයකදීම දුරකථනයට සම්බන්ධ වීමට උත්සාහ කළත් නොහැකි විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: