hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 02, පෙ.ව. 12:25



වතුකරයේ ගර්භණී මාතාවන්ගේ මානසික පීඩාවන් අලුත උපදින දරුවන්ගේ සෞඛ්‍යයට ඍජුව බලපෑම් ඇති කරන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී  අනාවරණය වුණා.

එමෙන්ම වතුකරය ආශ්‍රිත දරුවන්ගේ හා ගර්භණී මවුවරුන්ගේ පෝෂණ අවශ්‍යතා සැපිරීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ජා වූ අතර වතුකරයේ යම් යම් ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල (MOH) වැසීයෑම හේතුවෙන් වතුකම්කරු ශ්‍රමිකයන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණදී තිබෙන බවද මෙහිදී  හෙළි වුණා.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකට වතුකරයේ පවුල් 3,000ක් පමණ ආවරණය කිරීමට සිදුව තිබීම හේතුවෙන් ප්‍රායෝගිකව කටයුතු කිරීමේ දුෂ්කරතා පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු  වූ අතර  මෙරට වතුකර ශ්‍රමිකයන්ගෙන් 80% පමණ කාන්තාවන්  බවත් ඔවුන් උදෑසනම තමන්ගේ රැකියාව සඳහා පිටත්  වූ පසු බොහෝදුරට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් අදාළ  නිවාසවලට පැමිණෙන බව කාරක සභාව පෙන්වා දුන්නා.

එනිසා ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් නොලැබී යෑමේ ගැටලුව දැඩිව උද්ගත වී ඇති අතර ඒ අනුව එම ප්‍රායෝගික ගැටලුව සඳහා පිළියම් ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකට උපරිම පවුල් 1,500ක් පමණ ආවරණය කිරීමට හැකිවන ලෙස කටයුතු කිරීම  තුළින් ඵලදායි සේවයක් ලබාගත හැකි බව කාරක සභාව හමුවේ කරණු දක්වමින් නිලධාරීහු පැවැසූවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: