hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2024 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 10:42



නව සේවා ස්ථානයේ සේවයට වාර්තා නොකරන වයඹ පළාතේ ස්ථාන මාරු ලබා සිටින විදුහල්පතිවරුන් සේවය අතහැර ගියා සේ සලකන ලෙස එම පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් ඩී.එම්.කේ.සී. දිසානායක සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

එම ස්ථාන මාරු ක්‍රියාත්මක නොකිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් යැයි ද ලේකම්වරයා සිය දැනුම් දීමේ ලිපියේ සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ.

ස්ථාන මාරු සඳහා විදුහල්පතිවරු සියයකට අධික පිරිසක් නිර්දේශ වී සිටි අතර, නව සේවා ස්ථානයේ වැඩ භාරගැනීමට ලබා දී තිබූ කාලය ඊයෙන් (12 වැනිදා) අවසන් වුණා.

මීට මාස කිහිපයකට පෙර ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ මෙම ස්ථාන මාරු එම පළාතේ හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා වත්මන් ආණ්ඩුකාර නසීර් අහමඩ් යන දෙදෙනා විසින්ම අත්හිටුවනු ලැබ තිබුණා.

ඉන්පසු ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත එම ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය ලැබී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: